Email ගැන ඔත්තු සොයා දෙන ඌරා

Share
දැන් මම කියන්න යන්නේ ඊමේල් ගැන ඔත්තු කියන ඌරෙක් ගැන. මේකත් ඔන්ලයින් සර්විස් එකක්. මේකෙන් කරන්නේ අපි යවන ඊමේල් එකක් ලබන්නා ඇත්තටම කියවන්නේ කීයටද කියලා දැන ගන්න පොඩි විජ්ජාවක්. මේක නම් කරලා තියෙන්නේ spypig කියලා.

මීට පස්සෙ මම යවපු ඊමේල් එක ඔහු හෝ ඇය කියෙව්වද? තව දුරටත් කල්පනා කර කර ඉන්න එපා. අපේ ඔත්තු සපයන ඌරාව භාවිතා කරන්න.

‍සිම්පල් කේස් එකක් තියෙන්නෙ. පස්වන පියවර සහ හයවන පියවර තමයි පොඩි ගැටලුවකට තියෙන්නෙ. පස්වෙනි පිය‍වරේදි ඇක්ටිවේට් කියන එක ඔබන්න. එතකොට පහල කොටුවේ ඔබට ලැබෙන ඌරා ඔබ යවන්න සකස් කල ඊමේලයේ පිටපත් කරන්න. මේ සදහා ඔබට ලැබෙන්නේ තත්පර කිහිපයක් පමනයි. දැන් සාමාන්‍ය ඊමේල් ලිපියක් යවන විදියටම යවන්න. ඔබට ප්‍රතිපල දැක ගත හැකි වනු ඇත.

වැදගත්- firefox වල පමනක් භාවිතා කරන්න.
              හයවෙනි පියවරේදී right click කරලා copy paste බාවිතා කරන්න එපා. ඇදගෙන ඇවිල්ලා(Drag and Drop) ඊමේල් එකට දාන්න.
            ලබන්නා ඊමේල් වල රූප භාගත කිරීම නවතා දමා ඇත්නම් මේ සේවාව ක්‍රියාත්මක නොවේ
            ලබන්නා හා යවන්නා දෙදෙනාම HTML Enable කර තිබිය යුතුය
           

     මෙතනින් යන්න..............................      

1 comment:

  1. නියම්යි..දැනුවත් කලාට ස්තුත්යි.....

    ReplyDelete