ෆයර් ෆොක්ස් ( 4 )(Firfox 4 ) හතරවෙනි වෙලුම ගැන

Share
ලෝකය පුරා සිටින අන්තර්ජාල පාරිභෝජනය කරන්නන්ගේ හිතවත් කම දිනා සිටින ෆයර් ෆොක්ස් කියන වෙබ් බ්‍රවුසරයේ හතරවෙනි වෙලුම ලගදීම පිටවෙන්න නියමිතයි. එහි හැඩරුව මුල් වරට ඊයේ එලියට ආවා. ඒක මේ දවසුවල ජනප්‍රිය ගූගල් ක්‍රෝම් වගේ හැඩ ගන්වලා තියනවා.

ගොඩක් අලුත් හැකියාවන් එයට එක් කරන්නත් එහි නිශ්පාදකියින් කටයුතු කරලා තියෙනවා. ඔවුන් වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ වේගය ගැන. ඔවුන් කියන විදියට මේකේ තියෙන්නේ සුපිරි වේගයක්. තවත් වැදගත් දෙයක් වන්නේ ඔවුන් HTML 5 ට සහය දක්වන ලෙස හැඩ ගන්වලා තියෙනවා.

Firefox 4 beta සන්ස්කරනය දෙසැම්බර් වලට කලින් නිකුත් කරන්න තමන් නිශ්පාදකයින් සැලසුම් කරලා තියෙන්නේ. සුපිරි වේගයක් බලාපොරොත්තු වන Google chrome වලට අකමැති අයට මේක හොද ආරන්චියක් වෙයි.

0 comments: