ෆේස්බුක් මයික්ස්‍රොෆ්ට් කසාදේ.

Share

මයික්ස්‍රොෆ්ට් සමාගම හා ෆෙස්බුක් සමාගම එකතු වෙලා ගුගල් සමාගමට පොඩි තරගයක් දෙන්න ඉදිරිපත් වෙලා. Microsoft Office පැකේජයට සමානව ගුගල් සමාගම මගින් ඉදිරිපත් කරන ලද Google Docs හුගක් ජනප්‍රිය ​වුනා. Google Docs online භාවිතා කරන්න පුලුවන්. ඈත්තටම ඒක ඔන්ලයින් භාවිතා කරන්නම හදපු වැඩසටහනක්. අන්තර්ජාලය නොමැතිව උනත් බාවිතා කරන්න බැරැවම නොවෙයි. වඩා පහසුවෙන් online වැඩ කර ගන්න පුලුවන්.

Microsoft සහ Facebook එකතුවෙනුත් හදන්න යන්නේ මේ වගේ එකක්. ඒකට එ ගොල්ලො නම දාල තියෙන්නේ Docs.com කියලා.  දැනට අපි භාවිතා කරන office වැඩසටහනේ තියෙන  වර්ඩ්,එක්සෙල්, පවර්පොයින්ට් වගේ හැම වැඩසටහනක්ම මේකට අන්තර් ගත කරන්න ඒ ගොල්ලා බලාපොරොත්තු වෙනවලු. හැබැයි එක්සෙල් වල තියෙන මැක්රො කියන පහසුකම වගේ සංකීර්න ඒවා ඇතුලත් කරලා නැහැ කියලත් කියනවා.

තාම මේක තියෙන්නෙ අත්හදා බැලිමේ මට්ටමක. තාම කිහිප දෙනාටයි අවස්ථාව දීලා තියෙන්නෙ. අනාගතයේදී හැමොටම විවෘත වේවි.

මීට පස්සෙ අපිට අපේ ඩොකියුමන්ට් අපේ කම්පියුටරයේ ගබඩා කරන්නේ නැතුව ඔන්ලයින් ගබඩා කරලා ඔන වෙලාවක ලෝකයේ ඔනම තැනකදී භාවිත කරන්න පුලුවන් වේවි.

0 comments: