ඇපල් අයි පෑඩ් දින 28 ක් තුල මිලියනයක් විකුනලා

Share
ඇපල් අයි ෆෝන් වලින් පස්සේ ආපු අයි පෑඩ් 3G සෑහෙන ජනප්‍රිය වෙලා. දින 28ක් තුල මිලියනයක් විකුනලා වාර්ථාවකුත් තියලා. මීට කලකට ඉහත ඇපල් අයි ෆෝන් වෙළද පෙලට ආවාම ඒක පෙරලියක් කියලා විචාරකයෝ කිවුවේ. ඒත් අයි ෆෝන් මිලියනයක් විකුනන්න දින 76ක් ගත වෙලා තියෙනවා. අයි පෑඩ් වලට ගත වෙලා තියෙන්නේ ඒකෙන් හරියටම බාගයයි.

අයි පෑඩ් වල මේ නොසිතූ විරු ජනප්‍රියත්වය මයික්‍රොසොෆ්ට් සමාගමට එච්චර හොද වෙන පාටක් නම් නැහැ. මොකද මයික්‍රොසොෆ්ට් සහ HP සමාගම් දෙකම තමන්ගේ අයිපෑඩ් හා සමාන ටැබ්ලට් පීසී වැනි ඒවා වෙළද පොලට නිකුත් නොකිරීමට තීරනය කරලා.

අයිපෑඩ් එකක ලංකාවේ තීරු බදු නොමැතිව මිල රැපියල් 60,000- 100,000 දක්වා වෙනවා. තීරු බදුත් එක්ක එනකොට මේ වගේ එක හමාරක් විතර වේවි.

0 comments: