ආච්චි අම්මා....

Share


ලෝකයේ බොහෝ ආච්චි අම්මාවරැ සිටී. බොහා් දෙනෙකඅට කුඩා කාලයේ අච්චි අම්මා මහ මෙරක් සේ වටී. නෑවීම කැවීම පෙවීම ඇදුම් සේදීම පාසල් යැවීම පාසලෙන් නැවත එක්කරගෙන යෑම  සැයලු දේ කරමින් සිටින ආච්චිඅම්මා වැඩිවියට පැමිනෙත්ම ළමයිට බොහෝ විට අමතක වන චරිතයකි. ළමයින් හදා ළමයින්ගේ ළමයිනුත් තමාගේ ළමයින්ටත් වඩා ආදරයෙන් බලා ගන්නා ඇයට ජීවිතයේ කිසිදාක නිදහසක් නොලැබේ. එහෙත් සිය ‍කැමැත්තෙන්ම ඉතා ආදයෙන් දරැවන් ගේ දරැවනුත් හදන ඇයව උගත් කමත් බුද්දියත් සමග මුහුකුරා යන අයට අමතක වෙයි. හොදින් ඉගෙන ගෙන ඉහළට යන විට ක්‍රමයෙන ඇයගේ ජීවිතයෙන් ඈතට යන දරැවන් බොහෝ විට ඇය බැලීමට එන්නේ අවුරැද්දකට වතාවක් පමනක් විය හැක. තවත් සමහර විටෙක අවුරැදු කිහිපයකට විය හැකි අතර ඇතැම් විට බැලීමට පැමිනීමට තරම් වත් වටිනාකමක් ලබා නොදේ. මව පිය මෙන්ම කුඩා කාලයේ ආදරය කල රැක බලාගත් ආච්චි අම්මා ජීවිතයේ කොතරම් වටිනා චරිතයක්දැයි දෙමාපියන් දරුවන්ට ප්‍රායොගිකව අවබෝද කර දිය යුතුය. වේගවතව ඉදිරියට ඇදෙන නවීන සමාජය තුල එවැනි චරිත ගැන සිතීමටවත් දරුවන්ට ඉඩ නොතිබිය හැකිය. නමුත් ආවේදන තුලින් පෝශනය වු හදවතක් ඇති සංවේදි දරුවන් තැනීමට දෙමාපියන් වග බලා ගත යුතුය. ඒ කෙසේ වෙතත් මෙය කියවන යම් කෙනෙක් වේද තමාගේ අතීතය සිහි කරීමට ඉතා කුඩා මොහොතක් ලබා ගැනීමට ඉල්ලා සිටිමි.


ඔබට කෙතරම් ඇයව මතකද ? ඔබට කොතරම් උදවු කර ‍තිබේද ? ඔබට කොපමන දැනුම දී තිබේද ?ඔබව කෙතරම් පෝශණය කලාද ? අණතුරුවලින් කොතරම් ආරක්ෂා කර ගත්තාද ? මතකද???????????? සිතන්න. එහි ‍අනෙක් පැත්ත නම් ඔබ කී දවසක් ඇය බැලීමට ගොස් තිබේද ? ඇය කැමති දෙය අරන් දී තිබේද ? ඇය කැමති දේ ගැන කතා කලේ ද ? සැප දුක් විචාලේද ? අතීතයේ දේවල් මතක් කර සිනා සුනාද? සිතන්න. ඇය ඔබට සැලකුවා හා සමානව හෝ එයට ආසන්නව ඔබ ඇයට සලකා ඇත්ද?ඔබේ සිතම ඔබගේ නිවරිදි භාවය කොපමන දැයි තීරනය කරනු ඇත. 



0 comments: