ඇපල් අයි ෆෝන් ඇතටම ලෝකයේ හොදම ෆෝන් එක ද?

Share
මම නම් හැමදාම පා‍විච්චි කලේ නොකියා නැත්නම් සෝනි එරික්සන්. ඇපල් ෆෝන් එහෙමත් නැත්නම් ගූගල් ෆෝන් භාවිතා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුනේ නෑ. මම හිතන් හිටියේ දැනට තියෙන හොදම ෆෝන් එක නොකියා ‍එන් 96 නැත්නම් නොකියා මියෝමි ඩිවයිස් කියලා. මම නොකියා E71 N95 එහෙම පාවිච්චි කරලා තියෙනවා. ඒත් මට අහම්බෙන් හම්බවුනා ගූගල් ෆෝන් එකකුයි ඇපල් අයි ෆෝන් එකකුයි පාවිච්චි කරන්න. ඇපල් අයි ෆෝන් එක ඇත්තටම වේගවත්. ෆොටෝ සූමිං කරන්න යොදලා තියන ක්‍රමය ‍එහෙම විශිෂ්ඨයි. ජීපීඑස් එහෙම අනර්ගයි. ගූගල් ‍ෆෝන් වලට හුගක් එහා ගියපු ඇපල් අයි ‍ෆෝන් විකුනන්න ලංකාවේ තියෙනවාද දන්නෙ නෑ. තිබුනත් ගාන හිතා ගන්නත් අමාරැවෙයි මං හිතන්නෙ. ඔබ අංගසම්පුර්න ජංගම දුරකතනයක් භාවිතා කරන්න හිතනවානම් ගන්න ඔන ඇපල් අයි ෆෝන්  එකක්.

0 comments: