දරුවන් සිටින දෙමාපියන්ට? නෙට් එකේ සිටින තාත්තලාට (දෙවන කොටස)

Share
දැන් මා ඔබට හදුන්වා දීමට යන්නේ භාශාව හා ළමයින් අතර තිබෙන සබදතාවයි. අදහස් හුවමාරු කිරීමේ ප්‍රධාන මාධ්‍යය භාශාවයි. කුඩා කාලයේ පටන් සැම‍ දෙයකටම සෑම කෙනෙකුටම නියමිත වචන කියා දීමට සැලකිලිමත් වන්න. එවිට දරුවා ඔබ කියන නිවැරදි වචනය හුරුවීමට පටන් ගනි. උදා හරනයක් ලෙස ජෝ බොන්න, බයි කන්න, පාප්පු දාන්න, වැනි තෙරුමක් නැති නොගැලපෙන වචන භාවිතා නොකරන්න. ඇවිදීමට හුරුවන කාලයේ පටන් නිවසේ තිබෙන උපකරන වල නම් ඒවායේ අලවා තැබිය හැකිය. නිතර දැකීමෙන් ඒවා පහසුවෙන් කටට හුරුකර ගැනීමට ඔවුන්ට හැකි වෙයි. සිංහල භාශාව ඉතා වටිනා භාශාවක් බැවින් සිංහල කියවන දරුවන්ට අනෙක් ඔනෑම භාශාවක් පහසුවෙන් අල්ලා ගැනීමට හැකි බව විද්වත් මතයයි.

තවද බොහෝ දෙමාපියන් සිතන්නේ අකුරු ලිවිමට හැකි නම් ඔවුන් හොදට වැඩ කරන බවයි එහෙත් එය ඉතා වැරදි මතයකි. භාශාව යනු සවන්දීම , කතනය කියවීම ලිවීම යන අංග හතරෙහිම එකතුවයි. මින් දරුවා පළමුවෙන්ම හුරු වන්නේ සවන්දීමටයි. ඉන් අනතුරුව කතනයටත් කියවීමටත් ලිවිමටත් හුරුවේ. ඔබ දරුවාට සවන්දිමට හුරු කරන විට එය අති ශයින්ම වැදගත් ලෙස සිතන්න. ගොඩක් දිග වාක්‍ය පැටලිලි සහිතව එක පිට එක කිහිප වතාවක් නොකියා ඉතා කෙටි වාක්‍යයක් පැහැදිලිව කියන්න. එයට සවන් දිමට කාලය දෙන්න. සවන් දීමට දුර්වල ළමයකුගේ අනෙක් අංග තුනම දුර්වල වීමට වැඩි ඉඩක් ඇත. එසේම සවන්දීම සදහා ඔවුන් ඉතා කැමති දේවල් ආස හිතෙන කතන්දර කියවිමට වග බලා ගන්න

කතනය ගැන කතා කිරීමේදී අප සැලකිලිමත් විය යුත්තේ පළමුවෙන්ම දරුවාට  කතා කිරීමට ඉතා පහසු දෙයක් මනසට එකතු කිරීමයි ඉන්පසුව එය ඔහුගේ කටින් එලියට ගැනිමට එලියට ඒමට ඔහුට උත්සාහ ගැනීමට ඉඩදෙන්න. කාලය දෙන්න. බොහෝ අවස්ථාවල දරුවාට පාඩම් කියවන දෙමාපියන් පාඩම කියා දි එය ඔවුන් ‍කියවන තෙක් ඉවසා නොසිට ඔවුන්ම කියවයි. කොතෙක් වේලාව ගෙන හෝ ඔවුන්ගේ කටින්ම එය පිටවන තෙක් ඉවසා සිටින්න. මුලදී ඉතාම සරල ඔවුන්ට ගැල පෙන මාතෘකා ගැන කතා කරන්න. උදාහරණයක් ලෙස ඔවුන් බලන කාටූන් එකක් ගැන, සෙල්ලම් බඩුවක් ගැන, අම්මා තාත්තා ගැන, විමසීමට පුලුවන. මෙසේ ක්‍රමයෙන් කතනයට හුරු කරන දරුවන් ඉතා හොදින් දක්ෂලෙස කතා කරන්නේ කතා කිරීමට අවශ්‍ය වචන ඔවුන් දන්නේ නම් පමණි. එම නිසා නිතරම දරුවන්ගේ හිතට අලුත් අත්දැකීම් සමග අලුත් වචන ලබාදෙන්න. එයට හොදම මාර්ගය පරිසරය සමග මෙන්ම නෑදැයින් සහ යහලුවන් සිටින පරිසරයකට ළමයා යොමු කිරීමයි. තනිවම නිවසේ හැදෙන දරුවන් වැඩිපුර කතාවට නොපෙලබෙන්නේ කතා කිරීමට අවශ්‍ය වචන හෝ අත්දැකීම් ඔවුන්ට නොමැති නිසායි.

1 comment: