අන්තර් ජාලය හරහා ෆොරෙක්ස් ගනුදෙනු කිරීමට යාම අපේ මුදල් නිකරැනේ නාස්ති කිරීමක් ද?

Share
දැන් දැන් අන්තර් ජාලය හරහා මුදල් ගනුදෙනු කොටස් වෙළද පොල ගනුදෙන් වගේම ෆොරෙක්ස් ගනුදෙනුත් විශාල වශයෙන් සිදුවනවා. ලෝකයේ මූල්‍ය නීති රීති ලිහිල් වත්ම ලෝකයේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු සාමාන්‍ය ජනතාවටත් විවෘත වන්න ගත්තා. මුලින් මේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු බැංකු සහ මුල්‍ය ආයතන වලට පමනක් සීමා වුවත් දැන් මහජනතාවට අන්තර්ජාලය හරහා ෆොරෙක්ස් වෙළද පොලට කෙලින්ම සම්බන්ද වෙන්න පුලුවන්. ඒත් ඉතින් ෆොරෙක්ස් වෙළද පොල ලාබ ලබන්න පුලුවන් වෙන්නේ මුදල් ආයොජනය කරන පුද්ගලයන්ගෙන් 5% කට විතරයි. ඉතිරි සේරම අසාර්ථක වෙනවා. ලංකාවේ පෑන් ඒෂියා බැංකුව ගිය වසරේ ෆොරෙක්ස් ගනුදෙනු කිරීමෙන් ලැබුනු පාඩුව රැපියල් මිලියන 500 කට මදක් වැඩියිලු. කතාව එහෙමනම් සාමාන්‍ය දැනුමක් තියෙන සාමාන්‍ය ආයෝජකයන් ගැන කුමන කතාද?

අපි කියන්නේ මොනම හේතුවක් නිසාවත් ෆොරෙක් වෙළදපොලේ ආයොජනය කරන්න යන්න එපා. කොටස් වෙළදපොල වගේ නෙමෙයි. පාඩු ලබන්න තියෙන අවස්ථා හුගක් වැඩියි. සමහර ‍ෆොරෙක්ස් බ්‍රෝකර් වරු ඉතාලියේ නැත්නම් ඇමරිකාවේ ඉදලා තොරතොංචියක් නැතුව දුරකතන ඇමතුම් දෙනවා මුදල් ආයෝජනය කරන තුරු. ඒ ගොල්ලො නොයෙක් දේවල් කියනවා. අහුවෙන්න එපා. සල්ලි ටිකක් වැඩිපුර තියෙනවානම් කොටස් වෙළද පොලේ ආයොජනය කරන්න.

0 comments: