Gmail වල යවපු ඊ මේල් එකක් වලක්වමු (undo) කරමු

Share
යවපු ඊමේල් එකක් මම දන්නා තරමින් මොනම තැනක වත් වලක්වන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. අත්වැරුද්දකින් වැරදි බොත්තමක් ඔබලා ඊමෙල් එකක් ගියොත් ඉතින් ගියාම තමයි. ආපහු ගන්න බැහැ. හැබැයි Gmail වල ඒ පහසුකම අපට දීලා තියෙනවා. එත් ඉතින් ඒක කරන්න පුලුවන් ඊමේල් එක යවපු වෙලාවේ ඉදන්ඉතා සුලු වෙලාවකට.

මේක නිකම්ම ඈක්ටිවේට් වෙන්නේ නැහැ. ඈකිටිවේට් කරන්න ඔන.මේකයි පිලිවෙල.

* Gmail  වල සෙටින්ග්ස් වලට යන්න.

* සෙටින්ග්වල LABS කියන ටැබ් එකට යන්න.
* ඊට පස්සෙ undo send කියන එක එනේබල් කරන්න

කතාව එච්චරයි. ඊට පස්සේ ඊමෙල් එකක් යවන හැම වෙලාවකම option එකක් එනවා undo කරන්න ද කියලා අහලා. මේක සමහර වෙලාවට මාර විදියට වැදගත් වෙනවා.  අනිවා එනේබල් කරන්න ඔන එකක්.

1 comment:

  1. මට නම් බොහොම වටිනවා........

    දැන්මම දාගන්න ඔනා

    ReplyDelete