කොළඹ කොටස් වෙළද පොල අඩවිය පිරී ඉතිරී යයි

Share

කොළඹ කොටස් වෙළද පොල නිල වෙබ් අඩවිය වන www.cse.lk වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂකයන් ගනන 300% කින් ඉහල ගොස් ඇති බව කොළඹ කොටස් වෙළද පොල බලදාරීන් පසුගිය දා අනාවරනය කලෝය. මෙම වර්ධනය පසුගිය මාස 6ට සාපේක්ෂව වන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මෙය 1000%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව තව දුරටත් එම වාර්ථාවේ සදහන් වෙයි.

මාස 6කට පෙර වෙබ් අඩවියේ ධාරිතාවය (BANDWIDTH) මෙගා බයිට්ස් 1.5 සිට 10 දක්වා වැඩි කර ගත්තද අද වන විට මෙම වෙබ් අඩවියට පිවිසීමට ඉතා අපහසු වී තිබේ. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ අන්තරජාල සේවා සපයන්නන් හා සාකච්චාකොට මෙම සීමාව තවත් පුලුල් කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවයි.

1 comment:

  1. මෙගා බයිට් කිව්ව!!!!
    typing mistake එකක් වෙන්නැති. ගිගා බයිට් වෙන්නැති.
    ගිගා 10ක් නම් දැන් නම් කොහොමවත් මදි, අඩුම ගානෙ ගිගා 50ක්ව ඕනෙ ඇති දැන්. :D

    ReplyDelete