නැතිවු ජංගම දුරකතනය සොයාගන්න දැන් පුලුවන්. මෙන්න ක්‍රමය.....

Share
ඔබේ ජංගම දුරකතනය කවදාහෝ කවුරුන් විසින් හෝ හොරකම් කර තිබේද? ඔබ එම දුරකතනය සොයා ගත්තා ද? නැතිවූ දුරකතනයක් සොයා ගන්න පුලුවන් කියලා ඔයාලා හිතනව ද?

අතීතයේ දි නම් නැතිවු දුරකතනයක් තාක්ෂනික ක්‍රමයක් භාවිතා කරලා හොයාගන්න අමාරුවුනා. එහෙම ක්‍රමයක් තිබුනත් සාමාන්‍ය ජනතාවට එම තාක්ෂනය භාවිතා කරන්න අවසර තිබුනේ නෑ. අතීතයෙදි කිවුවට මීට හරියටම මාස හතරකට ඉස්සෙල්ලත් බැරි උනා.

ඒත් දැන් ඔබේ දුරකතනය නැති උනාට බය වෙන්න එපා. කරන්න තියෙන්නෙ නැතිවූ ස්ථානය ලගම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දාන එක. ඒ පැමිනිල්ලෙ ජංගම දුරකතනයේ IMEI නම්බර් එක සටහන් කරනවානම් වඩාත් හොදයි. ඒක නොදැන ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. නැති වෙච්ච දුරකතනයේ නොම්මරේ ප්‍රමානවත්.ඒත් ඉතින් එමි නම්බර් එක හොයා ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.  *#06# ගැහැවුවම ඒන IMEI අංකය කවුරු කවුරුත් ලියලා තියාගන්න.පරීක්ෂන වලට ඒක පහසුවක්.

පැමිනිල්ල දැම්මට පසුව කරන්න තියෙන්නේ දුරකතනය පිලිබද සියලුම විස්තරයි පැමිනිල්ලේ පිටපතක් විදුලි සන්දේශ නියාමක කොමිසන් සභාවට ගිහින් ලිඛිත පැමිනිල්ලක් සමග භාර දෙන එක විතරයි.

දුරකතනය භාවිතයේ තියෙනවා නම්, සිම්පත් මාරු කරලා තිබුනත්, කෑලි ගලවල තිබුනත් අනිවාර්යෙන්ම හොයලා දෙන්න පුලුවන් කියලා තමයි නිල නොලත් විදියට කියන්නෙ.

මාව ෂුවර් නැ වගේ නම් විදුලි සංදේශ නියාමක කොමිසන් සභාවේ පාරිභෝගික සම්බන්දතා අංශය පහත දුරකතන මාර්ග වලින් අමතලම විස්තර දැනගන්න.

011-2262215
011-2262216
011-2262222
011-5316159
011-4514067

1 comment:

  1. කොමෙන්ට් දාන්න බැරි අවුල හැදුවා

    ReplyDelete