ගුවන් යානයක ගුවන් නියමුවන් හා ගුවන්තොටුපල අතර සිදුවන සංවාදය සජීවීව අහන්න කැමතිද?

Share
ගුවන් යානයක පාලකයා ගුවන් නියමුවායි. නමුත් ගුවන් නියමුවන් තම කටයුතු කිරීමට ගුවන් තොටුපල ATC නම් ස්ථානයෙන් දෙනු ලබන උපදෙස් උපයෝගි කර ගනී. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සාමාන්‍යයෙන් උස කුලුනකය. ගුවන් තොටුපලේ ඇති උසම ස්ථානය මෙය යැයි කිව හොත් නිවැරදිය.

ගුවන් නියමුවන් හා ගුවන්තෙටුපල ATC නම් ස්ථානය අතර සිදුවන කතා බහ අපට සවන්දීමට පුලුවන. 118mhz  ,135.8mhz උපයෝගි කර ගනිමින් ස්කැනරයක් මගින් අපට සවන්දිය හැක.අවසර ලබාගෙන මෙසේ සවන්දීම මා දන්නා විදියට ජාත්‍යන්තරයේ නීති විරෝදී නැත. ලංකාවේ තත්ත්වය නම් කීමට නොදනී.

මෙම කතා බහ අන්තර්ජාලයටද සජීවීව සවන්දිය හැකි වන සේ එක් කර ඇත. මෙසේ එක්කර ඇත්තේ එතරම් කාර්යබහුල නොවන හා අතිශය වැදගත් පුද්ගලයන් එහා මෙහා නොයන ගුවන්තොටුපල වල වීම විශේෂත්වයකි. තවද ලංකාවේ හෝ දකුනු ආසියාවේ කිසිම රටක මෙම සේවාව සපයන්නේ නැත. ආසියාවේ පවා මෙම සේවාව සපයන රටවල් ඇත්තේ සීමිත සංඛ්‍යවකි. බටහිර රටවල තත්ත්වය මීට  වෙනස්වයි.

නිවුයොක් ගුවන්තොටුපලක සජීවී සංවාදයට මෙතනිනි සවන්දෙන්න...........

තවත් ගුවන්තොටුපලවල ගුවන්විදුලි සම්ප්‍රේශනයන්ට සවන්දීමට මෙතනින් යන්න............

1 comment: