හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ නවත්වලද ?

Share
චයිනා හාබර් ඉන්ජිනෙයරින් ආයතනය විසින් ඉදිකරනු ලබන හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ කොහොමද ? වැඩ නැවතිලාලු නේද? මේ දවස්වල හුගදෙනෙක් කතා කරනව මට ඇහිලා තියෙනවා. ඇත්තටම හම්බන්තොට මත්තල ප්‍ර දේශයේ ඉදිවන නව ජ්‍යත්‍යන්තර ගුවන්තොටුපලේ කටයුතු කොහොමද?

මට බොහොම අමාරුවෙන් ගුවන්තොටුපල නරබන්න අවස්ථාවක් ලබා ගන්න පුලුවන් උනා. ඒත් ඉතින් ජායා රෑප ගැනීමට අවසර ලැබුනේ නැහැ. තාම කාටවත් ගුවන්තොටුපල ඉදිකිරීම් නරබන්න ගුවන්තොටුපල බල දාරීන් අවසර දෙන්නේ නැහැ. 

කවුරැ කොහොම කිවුවත් ගුවන්තොටුපල තුල මාගේ දැනුමේ හැටියට 700 ක් විතර දිනපතා වැඩ. වහින දවසට පොලොව එරෙන නිසා ලොකු වාහන බර වාහන වැඩ නවත්වනාවා. එතොකොට ඔක්කොගෙම වැඩ නවතිනවා. එතන ඉන්න ඉංජිනේරැවො කියන්නෙ. කොහොම හරි 2012 අප්‍රේල් වෙන කොට පලමු ගුවන් යානය බාන්න වැඩ කටයුතු සලසනවා කියලා. 

කටුනායක ගුවන් පථය  අනිවාර්ය අලුත් වාඩියාවක් අවශ්‍ය ලු. ඒක නිසා අඩුම ගානේ කටුනායක අවුරැද්දකට විතර වහනවාලු. ඒ කියන්නේ. ලබන සිංහල අවුරැද්දෙන් පස්සෙ අනිවාර්යෙන්ම  කවුරැත් රට යන්නේ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන්තොටුපලෙන්..............

0 comments: