මහින්ද රාජපක්ෂ සැමදා රටේ ප්‍රධානියා ද?

Share
(මෙම ලිපිය කිසිම අපේෂකයකුට පක්ෂක්ග්‍රහීව සකස් නොකරන අතර සරත් පොන්සේකා මහතා ජයග්‍රහනය කලහොත් ඇතිවිය හැකි තත්වය ගැන කෙරෙන මධ්‍යස්ථ විග්‍රහයකි.)

ශ්‍රි ලංකාවේ විධායක ජනධිපතිවරයකුගේ දූර කාලය වසර 6කි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ජනාධිපතිවරණය පවත්වන්නේ ඔහුගේ දූර කාලය අවසන් වීමට තවත් වසර 2ක් තිබියදී ය. නමුත් ජනාධිපති වරනය ජනවාරි 26 දිනන් අවසන්ව 27 වන දිනට නව ජනාධිපතිවරයෙක් පත්කරගනු ලැබේ. කෙසේ උවත් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස නම් කවුරැ ජනාධිපති උවත් තමන්ට මෙම දූරකාලයේ ඉතිරිව ඇති අවුරැදු දෙක අවසන් කර පත්වන නව ජනාධිපතිවරයාට දිවුරැම් දීමට වරම් ලබා දීමයි. 

ඉදිරි ජනාධිපතිවරණයෙන් සරත් පෙන්සේකා ජයග්‍රහනය කලහොත් ඔහුට ජනාධිපතිවරණයේ දිවුරැම් දීම සදහා තවත් වසර 2ක් බලා සිටීමට සිදුවනු ඇත. මාගේ දැනුම මට්ටම අනුව ජනාධිපතිවරයකු උසාවි ගෙන ඒමට නොහැකි අතර ශ්‍රෙෂ්ඨාධිකරනයට ගියත් ඒ සදහා සහනයක් නොලැබෙනු ඇත. එනිසා අනිවාර්යෙන්ම මීලග අවුරැදු 2කද ශ්‍රි ලංකාවේ ජනාධිපති වනු ඇත්තේ මහින්ද රාජපක්ෂයි.

සරත් පොන්සේකා ජයග්‍රහනය කලා යයි අපි උපකල්පනය කලහොත්, මීලග අවුරැදු 2ක සදහා ද ජනාධිපති අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂය. ඔහු ජනතා මතයට හිස නමා තම දූරය හැර යාවි යයි සිතිය නොහැකිය. එසේ කිරීමට ඔහුට නීතිමය වශයෙන් අයිතියක් ඇතැයි අපි විශ්වාස කරමු.  මීලග මහා මැතිවරනය මාර්තු මාසයේ හෝ අප්‍රෙල් මාසයේ අනිවාර්යෙන්ම පැවැත්විය යුතුය. සරත් පොන්සේකා ජයාග්‍රහනය කලා යයි උපකල්පනය මත කල්පනා කල හොත් මහා මැතිවරනය ජය කාට හිමි උනත් ජනාධිපති මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහොසි කිරීමට පාර්ලිමේන්තු පනතක් පර්ලිමේන්තුවට ගෙන එනු ඇත. එයට විරැද්ද වීමට කිසිවකුට නොහැකි වනු ඇත. මන්ද යත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක සන්ධානයේ ජන්ද ව්‍යපාරයේ ප්‍රධාන තුරැම්පුව හා පොරොන්දුව විධායක ජනාධිපති ධූරය අහොසි කිරීම වීමය.තවද රනිල් වික්‍රමසිංහ මෙයට අත්දෙකම ඔසවා එකග වනු ඇත. එසේ උවහොත් සරත් පොන්සේකා ඔහුගේ වරදක් නොමැතිවම, හේතුවක් නොමැතිවම දේශපාලන වේදිකාවෙන් විසිවී නාම මාත්‍රික ජනාධිපති වරයකු බවට පත් වනු ඇත. අනෙක් අතින් ඔහු ඉදිරිපත් වන්නේද ඒ සදහාය.

තත්වය ඉහත පරිදි සිදු උවහොත් නියම ජයග්‍රහනය ලබන්නේ රනිල් වික්‍රමසිංහ ය. ඔහු රටේ ප්‍රධානියා වීමට පවත්වන ජන්දයකින් පත් නොවී සාමාන්‍ය පාර්ලිමේන්තු මැතිවරනයකින් පත්වී විධායක බලැති අගමැති වනු ඇත(පාර්ලිමේන්තුවට විධායක බලය ඇති රටක සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙසේ උවද ලංකාවේ මෙම අවස්ථාවේ තත්වය වෙනස්ය). කෙසේ වෙතත් ජනාතා විමුක්ති පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති එක මග නොයන නිසාත් දෙමල ජාතික සන්ධානයේ බහුතරය ආන්ඩුවකට සම්බන්ද වේ දැයි සැක සහිත නිසාත් පාර්ලිමේන්තුවේ බහුතරය තබා ගැනීම රනිල් වික්‍රමසිංහට ප්‍රෂ්නයක් වනු ඇත. මෙයින් ප්‍රයොජන ගනිමින් මහිනද රාජපක්ෂ නැවත ආන්ඩුවක් අටවා නැවත රටේ නායකයා වීමට උත්සාහ දරනු ඇත. අපේ විස්වාසය නම් පාර්ලිමේන්තු බල තුලනය එහෙ මෙහෙ හරවා මහින්ද රාජපක්ෂය ආන්ඩුවක් අටවා ගනු ඇති බවය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් සරත් පොන්සේකා ජයග්‍රහනය කලතහොත් අවසානයේ රටේ ජනතාවට හිමිවන්නේ අස්ථාවර ආන්ඩුවකි. අස්ථාවර ආන්ඩුවක් හිමි රටක සංවර්ධනය මන්දගාමීව සිදුවන බව නොරහසකි.

0 comments: