මහින්ද රාජපක්ෂද? සරත් පොන්සේකා ද?

Share
මීලග ජනාදිපති තුමා කවුද ? අද කවුරැත් අසන පුෂ්නය තමයි ඒක. ඒකට උත්තරය නිසකයෙන්ම ජනවාරි 27 උදේ ලැබේවි. නිසක වෂයෙන්ම මම ජයගන්නා බව දෙදෙනාම පවසති. ඒහෙත් එක් අයකු පමනක් ජනදිපති වනු ඇත.

27 වන දින ජනාදිපති කවුද කියා තිරනය වන බව හැබෑ නමුත් අද ජන්ද දායකයා දෙස බලට විට අපට තරමක් කනගාටු වීමට සිදුව ඇත.අපේ රයට් සාක්ෂරතාවය දියුනු රටවල් ආසන්නයට ගෙස් තිබුනාට සමහර ජන්දදායකයන් ජන්දය දෙනු ලබන්නේ කිසිදු අධ්‍යාපනයක් නොමැති සමහර ප්‍රන්තවල ඉන්දියානු ජන්දදායකයාටත් වඩා අමන ලෙස සිතා බව මට සිතෙයි.

මම හමුවූ විවිද පුද්ගයන් සමග ජනාදිපතිවරනය ගැන සාකච්චා කර ඇත්තමි. මම ඒ කිසිවකු (සහොදරයා සහ පියා හැර) සමග මාගේ මතය තහවුරැකිරීමට උත්සාහ නොගත් නමුත් ඔවුන්ගේ මතය සහ ඒ මතය දැරීමට හේතුව පෙරා ගැනීමට සමත් වීමී.

බහුතරයක් ජන්දය පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට ය. තවත් වචනයෙන් කිවහොත් ජන්ද ජයග්‍රහනයෙන් යෙන් පසු ඔවුන්ගේ විවිද අවශ්‍යතා ඉටු කර ගැනීමටය. තවත් සමරැ ජන්ය දෙන්නේ සරත් පොන්සේකාගේ එකවර වැඩිවන රැ 10 000/= බලාගනය නැතිනම් මහින්ද රාජපක්සෂගේ වාර්ෂිකව වැඩිවන  රැපියල් 2 500/= බලාගෙනය. තවත් සමහරැ රට ගැන අවංකම හිතයි. ආන්ඩු පක්ෂයෙන් කියන රට පාවා දෙන කතා හෝ විපක්ෂයෙන් කියන වංචා දුෂන ගැන ඔවුන් සිතයි. තවත් සමහරැ රටට හෙනගැහුවත් තමන්ට රැකියාව දෙන හෝ දුන් පුද්ගයා යන පක්ෂයකට ජන්දය දෙයි. කොයි පිලට ගියත් අතීතයේ මොනවා කියලා තිබුනත් මොන මතිමතාන්තර දැරැවත් තමන් ආදර‍ය කරන පුද්ගලයාටම ජන්දය දෙන පිරිසක්ද සිටියි.

ආන්ඩු පක්ෂයෙන් කියන විපක්ෂයේ වැරදි බහුතර පක්ෂිකයන් මඩ ප්‍රචාර හෝ කට කතා කියා කිසිදු වග විභාගයකින් තොරව ඉවත දමයි. ආන්ඩු පක්ෂයේ තත්වයත් මෙයින් වෙනස් නොවේ. කනගාටුවට කරැන නම් බහුතරයක් දේෂපාලුවන්ගේ රැවටීම් වලට ලක් වීමයි.

0 comments: