ලෝකයේ අංක එකට ලංකාව

Share
ඇමරිකා එක්සත් ජනපදයේ ජනප්‍රියතම පුවත්පතක් වන නිවුයෝක් ටයිම්ස්(New York Times) සගරාව විසින් ලංකාව සම්බන්දයෙන් පලවු ලිපියක ලංකාවට මුල් තැන හිමිවී තිබින. ලංකාවට මුල් තැන හිමි වන්නේ අන් කිසිවක් සදහා නොව ලංකාවේ ඇති සුන්දරත්වය සම්බන්දවයි. 2010 වසරේ ලෝක වාසීන් විසින් සංවාරය කල යුතු තැන් අතර ලංකාව මුල් තැනට නම් කර ඇත.

අනෙක් රටවල් හා නගර පරයා යාමට ඕනවාටත් වඩා සුන්දරත්වයක් ලංකාව සතු වන අතර අවුරැදු 30 ක් තිස්සේ පැවති යුද්දය ඒ සුන්දරත්වයට කලු පැල්ලමක් එක් කලද නැවත ලංකාවට හිමි තැන ලැබෙමින් පවතින බව මෙවන් ඉදිරිපත් කිරීම් වලින් පැහැදිලි වෙයි.

ඇමරිකාවේ වැඩියෙන්ම අලෙවි වන "නිවුයොක් ටයිම්ස් " පුවත්පත මෙසේ ලංකාව මුල් තැනට පත් කර ඇති ලිපියේ තවත් ස්ථාන 31ක් වෙයි. මෙ‍ම ලිපියේ බලපෑම කෙතරම්දැයි ඉදිරි වසර තුලදී අපට ඇස් පනාපිට දැක ගැනීමට හැකි වන අතර කොලඹ කොටස් වෙලද පොල තුල හොටල් සමාගම් වල කොටස් මිල ගනන් සීග්‍ර ඉහල යාමක් පෙන්න්ම් කරන්නේ ආයෝජකයා එය කලින් දකින නිසා විය යුතුය.

නිවැරිදි ලෙස 2010 වසරේදී සංචාරය කල යුතුම ස්ථානයක් ලෙස ලංකා නම් කිරීම ගැන අප ඔවුන්ට ස්තුති වන්ත විය යුතුය.

0 comments: