ගුවන් තොටුපලේ තීරැබදු රහිත සාප්පු සංකීර්නයෙන් භාන්ඩ මිලදී ගැනීම සම්බන්දයෙන් අනිවාර්යෙන් දැන ගත යුතු කරැනු 10 ක්

Share
මුලින්ම කියන්න ඕන මේක මගේ ලිපියක් නෙමෙයි. ටිකක් කලකට ස්සෙල්ලා ලියලා තියෙන්නෙ(Ten rules to find best, cheapest product from Colombo airport duty free shops) . හැබැයි මට රට ගිහින් එද්දි ගොනාට අදින් නැතුව හොදම මිලට අඩුම බඩු ගන්න මේ ලිපිය උපකාර උනා. ඒ ගැන ඒ ලිපිය ලියපු සහොදරයාට පුර්ණ ස්තුතිය හද පත්ලෙන් ම පිරි නමනවා. 

ඒ ලිපිය තියෙන්නෙ ඉංග්‍රිසියෙන්. ඒත් එච්චර හොද ඉංග්‍රිසියෙන්නම් නෙමෙයි. ඒත් ඉතින් කාටත් ඔහු කියන්න හදන්නෙ මොකක්දැයි කියලා තේරැම් ගන්න පුලුවන්. 

මම පුලුවන් හැම විදියෙන්ම උත්සාහ කලා මෙම ලිපියේ නියම අයිතිකාරයා හොයාගන්න. ඒ හෙවුවේ එම වැදගත් ලිපිය සිංහලට පරිවරථනය කරලා මගේ බ්ලොග් එකේ දාන්න අයිතිය ඉල්ලගන්න. ඒක බැරි උන හින්දා සියලුම විදේශගත සහ විදේශගත වන්නට බලාපොරෝතු වන අයගේ දැන ගැනීම පිනිස මේ ලින්ක් එක ලබා දෙනවා.


ඇත්තටම Srilanka Telecom Intenet ස්පීඩ් එක වැඩි කරාද කියලා බලන්නෙ කොහොම ද?

Share
මේ දවස් වල Telecom එකෙන් පම්පෝරි ගහනවා Speed එක වැඩි කලාලු , ගාන අඩු කලාලු එත් ඉතින් මම මගේ වේගය වැඩි කර ගත්තේ දහපාරක් විතර කස්ටමර් කෙයාර් කතා කරලා. ඒකත් ඊයෙ තමයි වැඩි කලා කියලා confirm කරේ.

speedtest.net එකෙන් නිවැරදි internet වේගය හොයා ගන්න බැරැව වගේම Telecom එක අපට ලබා දීපු වේගය හරියටම ගනනය කරන්න බැහැ. ඔයාලට රවුටරයක් තියෙනවානම් මේ ක්‍රමයෙන් Telecom එක අපට ලබා දීපු වේගය හරියටම ගනනය කරන්න පුලුවන්. පොඩ්ඩක් බලන්න ඔයාලගේ ස්පීඩ් එක වැඩි වෙලාද කියලා.......

1) Firefox හරි Internet explore හරි open කරන්න. පහත පරිදි ටයිප් කරන්න.

2)පහත පරිදි usser name :- admin ද    password :- admin ද ලබා දෙන්න


3) stats  යන්න click කරන්න

4) පහත රතුපාට්න් දක්වා ඇති පරිදි තමන්ට ලබා දී ඇති වේගය දක්වාවි. (kilobits)



  නැත්නම් අනිවා කස්ටමර් කෙයාර් කතා කරලා වේගය හදා ගන්න.

අපි නොදන්න "ටෙක් කතා"

Share
ටෙක් කතා (Tech කතා) කියන්නෙ අපි හුග දෙනෙක් දන්න හුග දෙනෙක් වැඩ ගන්න ඉගෙන ගන්න සයිට් එකක් . කවුරැ හරි කෙනෙක් ඒ ගැන දන්නෙ නැත්නම් දැනුවත් කරන්න තමයි මේක ලියන්නෙ.

Tech කතා සයිට් එකට මෙතනින් යන්න පුලුවන්. Tech කතා සයිට් එකෙන් විවධ සේවා සපයනවා. පොදුවේ ගතහොත් විවිධ පුද්ගලයන්ට ඇතිවන තාක්ෂනික ගැටලු වලට පිලිතුරැ සපයනවා. මම වැඩිය සවන් නොදුන්නට ඉතාම වැදගත් සාකච්චාමය වැඩසටහනක් සිකුරාද රෑ 9.00 සිට විකාශනය වෙනවා. හැමෝටම skype හරහා ප්‍රශ්ණ අහන්නත් පුලුවන්.

මම වැඩියෙන්ම භාවිතා කරන්නෙ Tech කතා Google group එක. ඒකට මෙතනින් යන්න. තමන්න යම් තාක්ෂනික ගැටලුවක් ඇති උනොත් ඉතින් ප්‍රශ්නෙ විසදගන්න තියන හොදම තැනක් තමයි මේක.

ඔයාලත් ට්‍රයි කරලා බලන්න.....

හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ නවත්වලද ?

Share
චයිනා හාබර් ඉන්ජිනෙයරින් ආයතනය විසින් ඉදිකරනු ලබන හම්බන්තොට ගුවන්තොටුපලේ වැඩ කොහොමද ? වැඩ නැවතිලාලු නේද? මේ දවස්වල හුගදෙනෙක් කතා කරනව මට ඇහිලා තියෙනවා. ඇත්තටම හම්බන්තොට මත්තල ප්‍ර දේශයේ ඉදිවන නව ජ්‍යත්‍යන්තර ගුවන්තොටුපලේ කටයුතු කොහොමද?

මට බොහොම අමාරුවෙන් ගුවන්තොටුපල නරබන්න අවස්ථාවක් ලබා ගන්න පුලුවන් උනා. ඒත් ඉතින් ජායා රෑප ගැනීමට අවසර ලැබුනේ නැහැ. තාම කාටවත් ගුවන්තොටුපල ඉදිකිරීම් නරබන්න ගුවන්තොටුපල බල දාරීන් අවසර දෙන්නේ නැහැ. 

කවුරැ කොහොම කිවුවත් ගුවන්තොටුපල තුල මාගේ දැනුමේ හැටියට 700 ක් විතර දිනපතා වැඩ. වහින දවසට පොලොව එරෙන නිසා ලොකු වාහන බර වාහන වැඩ නවත්වනාවා. එතොකොට ඔක්කොගෙම වැඩ නවතිනවා. එතන ඉන්න ඉංජිනේරැවො කියන්නෙ. කොහොම හරි 2012 අප්‍රේල් වෙන කොට පලමු ගුවන් යානය බාන්න වැඩ කටයුතු සලසනවා කියලා. 

කටුනායක ගුවන් පථය  අනිවාර්ය අලුත් වාඩියාවක් අවශ්‍ය ලු. ඒක නිසා අඩුම ගානේ කටුනායක අවුරැද්දකට විතර වහනවාලු. ඒ කියන්නේ. ලබන සිංහල අවුරැද්දෙන් පස්සෙ අනිවාර්යෙන්ම  කවුරැත් රට යන්නේ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන්තොටුපලෙන්..............