ඔපෙරා මිනි (opera mini) ඔන්ලයින් සිමියුලෙටරයක්

Share
අපි කවුරුත් දන්න ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය පරිඝනකයෙ භාවිතා කරන්න සිදු විනි නම් කුමක් කරම් ද?මෙන්න ඒකට ක්‍රමය. වැය වන්නෙ ඉතා මත් අඩු ඩෙටා ප්‍රමානයක්. ඉතා අඩු ඩෙටා ප්‍රමානයකින් තමන්ට අවශ්‍ය ෙතාරතුරු ඉතා ඉක්මනින් මෙ ක්‍රමය මගින් දැන ගන්න පුලුවන්. සාමාන්‍ය මොබයිල් දුරකතනයෙ භාවතා කරන විදියටම මෙතනත් භාවිතා කරන්න.

මෙතෙනින් යන්න.........

අන්තර් ජාලය හරහා ෆොරෙක්ස් ගනුදෙනු කිරීමට යාම අපේ මුදල් නිකරැනේ නාස්ති කිරීමක් ද?

Share
දැන් දැන් අන්තර් ජාලය හරහා මුදල් ගනුදෙනු කොටස් වෙළද පොල ගනුදෙන් වගේම ෆොරෙක්ස් ගනුදෙනුත් විශාල වශයෙන් සිදුවනවා. ලෝකයේ මූල්‍ය නීති රීති ලිහිල් වත්ම ලෝකයේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු සාමාන්‍ය ජනතාවටත් විවෘත වන්න ගත්තා. මුලින් මේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු බැංකු සහ මුල්‍ය ආයතන වලට පමනක් සීමා වුවත් දැන් මහජනතාවට අන්තර්ජාලය හරහා ෆොරෙක්ස් වෙළද පොලට කෙලින්ම සම්බන්ද වෙන්න පුලුවන්. ඒත් ඉතින් ෆොරෙක්ස් වෙළද පොල ලාබ ලබන්න පුලුවන් වෙන්නේ මුදල් ආයොජනය කරන පුද්ගලයන්ගෙන් 5% කට විතරයි. ඉතිරි සේරම අසාර්ථක වෙනවා. ලංකාවේ පෑන් ඒෂියා බැංකුව ගිය වසරේ ෆොරෙක්ස් ගනුදෙනු කිරීමෙන් ලැබුනු පාඩුව රැපියල් මිලියන 500 කට මදක් වැඩියිලු. කතාව එහෙමනම් සාමාන්‍ය දැනුමක් තියෙන සාමාන්‍ය ආයෝජකයන් ගැන කුමන කතාද?

අපි කියන්නේ මොනම හේතුවක් නිසාවත් ෆොරෙක් වෙළදපොලේ ආයොජනය කරන්න යන්න එපා. කොටස් වෙළදපොල වගේ නෙමෙයි. පාඩු ලබන්න තියෙන අවස්ථා හුගක් වැඩියි. සමහර ‍ෆොරෙක්ස් බ්‍රෝකර් වරු ඉතාලියේ නැත්නම් ඇමරිකාවේ ඉදලා තොරතොංචියක් නැතුව දුරකතන ඇමතුම් දෙනවා මුදල් ආයෝජනය කරන තුරු. ඒ ගොල්ලො නොයෙක් දේවල් කියනවා. අහුවෙන්න එපා. සල්ලි ටිකක් වැඩිපුර තියෙනවානම් කොටස් වෙළද පොලේ ආයොජනය කරන්න.

ඕනම දෙයක් බාර්කොඩ් එකකට හරවන්න

Share
ඔබ නිරන්තරයෙන් බාරකොඩ් කියන ඒවා දැකලා ඇති. විවිධ වෙළද භාන්ඩවල මේවා සදහන් කරලා තියෙනවා. බාර්කොඩ් වල මොනවාද සටහන් වෙලා තියෙන්නේ කියන එක අපට සමහර වෙලාවට ප්‍රශ්නයක්. මේ බාර්කොඩ් වලට ඕනෑම දත්තයක් ඇතුලත් කල හැකිය. ඒ කියන්නේ බාර්කෝඩ් එකක් ලෙසින් ඕනම දත්තයක් අපට ගබඩා කරන්න පුලුවන්. මිල,කල් ඉකුත් වන දිනය, නිශ්පාදිත දිනය, නම වගේ ඕනෑම එකක්.

අපි අපේ නම වගේ එකක් බාර් කොඩ් එකක් බවට හරවන්න ට්‍රයි කරමුද ? ඒක ඔන්ලයින් කරන්නම වෙබ් අඩවියක් සැදී පැහැදී ඉන්නවා. ට්‍රයි එකක් දාල බලමුද?