ලෝකය පුරා ගහන ක්‍රිකට් තරග 100% දැන් සජීවීව විකාශනය වෙනවා. ඒවායේ විශේෂ අවස්ථා ලොව පුරා විවිධ රුපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය වෙනවා.ලෝකය පුරා විවිධ රුපවාහිනි නාලිකා ඔස්සේ මේවා විකාශනය වෙනවා වගේම අන්තර් ජාලයේ මෙම විඩියෝ දර්ශන තියෙන්නත් විවිධ තැන්වල විවිධ අඩවි වල. ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් ඔබ ක්‍රිකට් තරග නරඹන්න ප්‍රියයි නම් මෙන්න තැන. මේ දවස්වල විස්සයි 20 ලෝක කුසලානය නිසා කොහොමටත් ක්‍රිකට් උනුසුම වැඩියිනේ. මෙතනින් යන්න.
ආච්චි අම්මා....
ලෝකයේ බොහෝ ආච්චි අම්මාවරැ සිටී. බොහා් දෙනෙකඅට කුඩා කාලයේ අච්චි අම්මා මහ මෙරක් සේ වටී. නෑවීම කැවීම පෙවීම ඇදුම් සේදීම පාසල් යැවීම පාසලෙන් නැවත එක්කරගෙන යෑම සැයලු දේ කරමින් සිටින ආච්චිඅම්මා වැඩිවියට පැමිනෙත්ම ළමයිට බොහෝ විට අමතක වන චරිතයකි. ළමයින් හදා ළමයින්ගේ ළමයිනුත් තමාගේ ළමයින්ටත් වඩා ආදරයෙන් බලා ගන්නා ඇයට ජීවිතයේ කිසිදාක නිදහසක් නොලැබේ. එහෙත් සිය කැමැත්තෙන්ම ඉතා ආදයෙන් දරැවන් ගේ දරැවනුත් හදන ඇයව උගත් කමත් බුද්දියත් සමග මුහුකුරා යන අයට අමතක වෙයි. හොදින් ඉගෙන ගෙන ඉහළට යන විට ක්‍රමයෙන ඇයගේ ජීවිතයෙන් ඈතට යන දරැවන් බොහෝ විට ඇය බැලීමට එන්නේ අවුරැද්දකට වතාවක් පමනක් විය හැක. තවත් සමහර විටෙක අවුරැදු කිහිපයකට විය හැකි අතර ඇතැම් විට බැලීමට පැමිනීමට තරම් වත් වටිනාකමක් ලබා නොදේ. මව පිය මෙන්ම කුඩා කාලයේ ආදරය කල රැක බලාගත් ආච්චි අම්මා ජීවිතයේ කොතරම් වටිනා චරිතයක්දැයි දෙමාපියන් දරුවන්ට ප්‍රායොගිකව අවබෝද කර දිය යුතුය. වේගවතව ඉදිරියට ඇදෙන නවීන සමාජය තුල එවැනි චරිත ගැන සිතීමටවත් දරුවන්ට ඉඩ නොතිබිය හැකිය. නමුත් ආවේදන තුලින් පෝශනය වු හදවතක් ඇති සංවේදි දරුවන් තැනීමට දෙමාපියන් වග බලා ගත යුතුය. ඒ කෙසේ වෙතත් මෙය කියවන යම් කෙනෙක් වේද තමාගේ අතීතය සිහි කරීමට ඉතා කුඩා මොහොතක් ලබා ගැනීමට ඉල්ලා සිටිමි.
ඔබට කෙතරම් ඇයව මතකද ? ඔබට කොතරම් උදවු කර තිබේද ? ඔබට කොපමන දැනුම දී තිබේද ?ඔබව කෙතරම් පෝශණය කලාද ? අණතුරුවලින් කොතරම් ආරක්ෂා කර ගත්තාද ? මතකද???????????? සිතන්න. එහි අනෙක් පැත්ත නම් ඔබ කී දවසක් ඇය බැලීමට ගොස් තිබේද ? ඇය කැමති දෙය අරන් දී තිබේද ? ඇය කැමති දේ ගැන කතා කලේ ද ? සැප දුක් විචාලේද ? අතීතයේ දේවල් මතක් කර සිනා සුනාද? සිතන්න. ඇය ඔබට සැලකුවා හා සමානව හෝ එයට ආසන්නව ඔබ ඇයට සලකා ඇත්ද?ඔබේ සිතම ඔබගේ නිවරිදි භාවය කොපමන දැයි තීරනය කරනු ඇත.
ඇපල් අයි ෆෝන් ඇතටම ලෝකයේ හොදම ෆෝන් එක ද?
මම නම් හැමදාම පාවිච්චි කලේ නොකියා නැත්නම් සෝනි එරික්සන්. ඇපල් ෆෝන් එහෙමත් නැත්නම් ගූගල් ෆෝන් භාවිතා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුනේ නෑ. මම හිතන් හිටියේ දැනට තියෙන හොදම ෆෝන් එක නොකියා එන් 96 නැත්නම් නොකියා මියෝමි ඩිවයිස් කියලා. මම නොකියා E71 N95 එහෙම පාවිච්චි කරලා තියෙනවා. ඒත් මට අහම්බෙන් හම්බවුනා ගූගල් ෆෝන් එකකුයි ඇපල් අයි ෆෝන් එකකුයි පාවිච්චි කරන්න. ඇපල් අයි ෆෝන් එක ඇත්තටම වේගවත්. ෆොටෝ සූමිං කරන්න යොදලා තියන ක්‍රමය එහෙම විශිෂ්ඨයි. ජීපීඑස් එහෙම අනර්ගයි. ගූගල් ෆෝන් වලට හුගක් එහා ගියපු ඇපල් අයි ෆෝන් විකුනන්න ලංකාවේ තියෙනවාද දන්නෙ නෑ. තිබුනත් ගාන හිතා ගන්නත් අමාරැවෙයි මං හිතන්නෙ. ඔබ අංගසම්පුර්න ජංගම දුරකතනයක් භාවිතා කරන්න හිතනවානම් ගන්න ඔන ඇපල් අයි ෆෝන් එකක්.
Subscribe to:
Posts (Atom)


