ඇපල් අයි ෆෝන් ඇතටම ලෝකයේ හොදම ෆෝන් එක ද?
මම නම් හැමදාම පාවිච්චි කලේ නොකියා නැත්නම් සෝනි එරික්සන්. ඇපල් ෆෝන් එහෙමත් නැත්නම් ගූගල් ෆෝන් භාවිතා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුනේ නෑ. මම හිතන් හිටියේ දැනට තියෙන හොදම ෆෝන් එක නොකියා එන් 96 නැත්නම් නොකියා මියෝමි ඩිවයිස් කියලා. මම නොකියා E71 N95 එහෙම පාවිච්චි කරලා තියෙනවා. ඒත් මට අහම්බෙන් හම්බවුනා ගූගල් ෆෝන් එකකුයි ඇපල් අයි ෆෝන් එකකුයි පාවිච්චි කරන්න. ඇපල් අයි ෆෝන් එක ඇත්තටම වේගවත්. ෆොටෝ සූමිං කරන්න යොදලා තියන ක්‍රමය එහෙම විශිෂ්ඨයි. ජීපීඑස් එහෙම අනර්ගයි. ගූගල් ෆෝන් වලට හුගක් එහා ගියපු ඇපල් අයි ෆෝන් විකුනන්න ලංකාවේ තියෙනවාද දන්නෙ නෑ. තිබුනත් ගාන හිතා ගන්නත් අමාරැවෙයි මං හිතන්නෙ. ඔබ අංගසම්පුර්න ජංගම දුරකතනයක් භාවිතා කරන්න හිතනවානම් ගන්න ඔන ඇපල් අයි ෆෝන් එකක්.
මොබයිල් ගිනි නරියා
කවුරැත් දන්න ෆයර් ෆොක්ස් නොහොත් සුද්ද සිංහලෙන් ගිනි නරියා කියලා හදුන්වන ලෝකයේ දෙවෙනියට ජනප්‍රිය කම්පියුටර් වල භාවිතා වන වෙබ් බ්‍රවුසරයේ මොබයිල් සන්ස් කරනය දැන් නිකුත් කරලා තියනවා. දැනට මොබයිල් ෆයර් ෆොක්ස් කන්ඩායම ඇන්ඩොබිඩ් කියන මොබයිල් ඔපරේටින් සිස්ටම් එකට විතරයි මොබයිල් ගිනි නරියා නිකුත් කරලා තියෙන්නේ. තවදුරටත් ඔවුන් කියන්නේ මේ අවුරැද්ද ඇතුලත සිම්බියන් සහ අයි ෆෝන් ඔපරේටින් සිස්ටම් වලටත් මොබයිල් සන්ස්කරන්ය නිකුත් කරනවාය කියලා. දැනට මොබයිල් බ්‍රවුසර් යුද්දයේ කප් එක ගහලා තියෙන් ඔපෙරා මිනි සහ ඔපෙරා මොබයිල් බ්‍රවුසර් වලට හොද තරගයක් මේ මගින් එල්ල වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
මොබයිල් අහස් ගින්නෙන් යූ ටියුබ් සැරිසරමු
මොබයිල් එකේ යූ ටියුබ් බලන්න මොන තරම් ක්‍රම තිබුනත් මේ කියන්න යන ක්‍රමය වඩා සාර්තක වෙයි කියලයි මම නම් හිතන්නේ. skyfire කියන්නේ අලුත්ම මොබයිල් බ්‍රවුසරයක්. ඔපෙරා මිනි යුසී බ්‍රවුසර් වගේ බ්‍රවුසරයක්. තවමත් බීටා තත්වයේ තමයි තියෙන්නෙ. මේ බ්‍රවුසරය තුල ඉදන් ෆැලෑෂ් වීඩියෝ ඕන එකක් බලන්න පුලුවන්. මේක දැනට වැඩ කරන්නේ වින්ඩෝස් මොබයිල් සහ සිම්බියන් කියන මොබයිල් ඔපරේටින් සිස්ටම් දෙකට විතරයි. ට්‍රයි කරලම බලන්න.
Subscribe to:
Posts (Atom)


