ළමයි නලවන්නේ කොහොමද? (1 කොටස)

Share
බොහෝ විට නිවසේ රැදෙන අම්මලාට වැඩ කරන ගමන් දරුවන් නැලවීමට සිදුවෙයි. නිවෙසේ ඇති වැඩත් සමග  මෙය ඉතා පහසු කාර්යයක් නොවේ . ඒත් මෙන්න එයට වඩාත් පහසුම සහ හොදම ක්‍රමය.

1- ඔබ කෑම උයනවානම් මිරිකා අවසන් කල පොල් කුඩු වතුර දමා දරැවාට දෙන්න. එවිට බොහෝ වේලාවක් ඔහු කැමති පරිදි ඒ සමග සෙල්ලම් කරමින් සිටීග

2-ඔබ පලා අහුලනවානම් ඔහුටත් එයට සහභාගී වීමට ඉඩ දෙන්න.

3-පොලෙන් එලවලු ගෙනා විට දරුවාට දිය හැකි දේවල් හැකි තරම් වේලා සෙල්ලම් කිරීමට ලබා දෙන්න. උදා හරන ලෙස අල ලොකු ලූනූ රතු ලූනු සුදු ලූනු බතල ආදිය දිය හැක. මෙහිදී දරුවා එවායේ එකිනෙකට බර වෙනස් බව පාට වෙනස් බව ගොඩවල් වෙන් කිරීමට ඉගෙන ගනී. ඒ වාගේම එකිනෙකට ඇති නම් වෙනස් බව හා ඒවායේ සිංහල නම ඉංග්‍රිසි නම උගත හැකිය. මේ සදහා වැඩ කරන ගමන් මව හෝ ඔහු රැකබලා ගන්නා දරුවා සමග නිතර කතා කරමින් වැඩ කල හැකිය. එවිට ඔහුගේ භාශාව සවන්දීම කතා කිරීම නොදැනවත්වම දියුනු වෙයි.

4-ඔබ එලියේ රැදෙන විට පරිසරයේ ඇති ගස් ඒවායේ මල් මල්වල පාට වත්තට එන සතුන් ඔබ වැඩ කරන ගමන් ඔහු සමග කතා බහේ යෙදී අවබෝද කල හැකිය. එය සෑම අවස්ථාවකම ඔහු අගය කරන්න. හොද පුතා ශා ඔයා දක්ෂයි ඔයා නම් නියමයි යනුවෙන් නොවරදාවාම ඔහු දිරිමත් කරන්න. කිසිම විටක දරුවන්ගේ වැරදි හෝ නරක අනුන් හෝ වෙනත් කිසිවකු සමග ඔවුන් ඉදිරියේ හෝ නොපැවසිය යුතුය. අදක්ෂ වන් සෑම අවස්ථාවකම එයට වඩා ලෙහෙසි වැඩෙක් දීමෙන් ඔහු උනන්දු කරවන්න.

5-දෙමාපියන්ට දරැවන්ට ගෙදරදී ඉතාමත් ඉක්මනින් කරැනු වටහා දීමට සන්කල්ප හදුන්වා දීමට නම් ඔබ ඒ සදහා ප්‍රාෙයා්ගික අවස්ථාවක් ලබා දෙන්න. ඔවුන්ට කියවීමට හෝ පාඩම් වැඩ කරවීමට අවශ්‍ය නම් ඔබ පලමුව ඒ සදහා යෙමුවන්න. පත්තරයක් හො ් පොතක් බලන්න ගැනීමේ දී ඔවුන්ද නොදැනුවත්වම ඒ සදහා යොමුවනු ඇත. කිසි විටකත් දරුවන්නට පාසලේ වැඩ කරන ලෙස පවරා එතනින් ඉවත් නොවන්න. ඔවුන්ට ඉතා සුලුවෙන් හෝ උදවු කරන්න. අව්ශ්‍යනම් වැඩ අවසානයේ පොත බැලිමට පුරුදුවන්න.

6- නිතරම ඔහු කරන වැඩ පිලිබදව ප්‍රශ්න කරන්න. එමගින් දරුවාට පුශ්නයකට ගැලෙපෙන පිලිතුර ලබා දීමට හුරුකරවිය හැත.

7-සහොදර සහොදරියන් කිහිප දෙනෙකු සිටිනවානම් ඔවුන් එකිනෙකාට උදවු කර ගැනීමට හුරු කරවන්න. අද කාලය වන විට දරුවන් හුරු වී ඇත්තේ අම්මා හෝ තාත්තා ලවා තමාට අවශ්‍ය උදවු ලබා ගැනීමටයි. එහෙත් තමාට වඩා වැඩිමල් සහෝදර දහොදරියන් සිටීනම් ඔවුන් තමන්ගේ බවත් විවිද වැඩ ඔවුන් කර දිය යුතු බවත් එ ්සදහා දෙමාපියන් ඔවුන්ට වගකීම් පැවරිය යතු බවත් වැදගත් කරුනකි. එමගින් දරුවන් එකිනෙකා  අතර සහෝදර කම බැදීම වැඩිවනු ඇත.

8-චිත්‍ර ඇදිමට පාට සහ කොල ලබා දීම ,මැටි ඇනීමට මැටි හෝ ක්ලේ කොම් පිට්ටු තැනීමට පොල්  කටු ලබා දීම ,පුවවක් කොල පැදීමට පුවක් කොල දීම,වතුර බේසමක් සමග විවිධ ප්‍රමානයේ භාජන ලබා දීම ,පිරිසුදු වැලි ටිකක් සහ භජන ලබා දීම  මෙවැනි අවස්ථා ලබා දීමෙන් දරුවන් අඩමින් ඇගේ දැවටමින් නිතර කරන කරදර වලින් ඉවවත් වීමට හැකි වන අතර එමගින් දරුවාට නව සන්කල්ප ලබා ගැනීමට උදවු කිරීමටත් ඔවුන් සතුටින් තැබීමටත් හැකිවෙයි. 




0 comments: