ෆයර් ෆොක්ස් ( 4 )(Firfox 4 ) හතරවෙනි වෙලුම ගැන

Share
ලෝකය පුරා සිටින අන්තර්ජාල පාරිභෝජනය කරන්නන්ගේ හිතවත් කම දිනා සිටින ෆයර් ෆොක්ස් කියන වෙබ් බ්‍රවුසරයේ හතරවෙනි වෙලුම ලගදීම පිටවෙන්න නියමිතයි. එහි හැඩරුව මුල් වරට ඊයේ එලියට ආවා. ඒක මේ දවසුවල ජනප්‍රිය ගූගල් ක්‍රෝම් වගේ හැඩ ගන්වලා තියනවා.

ගොඩක් අලුත් හැකියාවන් එයට එක් කරන්නත් එහි නිශ්පාදකියින් කටයුතු කරලා තියෙනවා. ඔවුන් වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ වේගය ගැන. ඔවුන් කියන විදියට මේකේ තියෙන්නේ සුපිරි වේගයක්. තවත් වැදගත් දෙයක් වන්නේ ඔවුන් HTML 5 ට සහය දක්වන ලෙස හැඩ ගන්වලා තියෙනවා.

Firefox 4 beta සන්ස්කරනය දෙසැම්බර් වලට කලින් නිකුත් කරන්න තමන් නිශ්පාදකයින් සැලසුම් කරලා තියෙන්නේ. සුපිරි වේගයක් බලාපොරොත්තු වන Google chrome වලට අකමැති අයට මේක හොද ආරන්චියක් වෙයි.

දරුවන් සිටින දෙමාපියන්ට? නෙට් එකේ සිටින තාත්තලාට (දෙවන කොටස)

Share
දැන් මා ඔබට හදුන්වා දීමට යන්නේ භාශාව හා ළමයින් අතර තිබෙන සබදතාවයි. අදහස් හුවමාරු කිරීමේ ප්‍රධාන මාධ්‍යය භාශාවයි. කුඩා කාලයේ පටන් සැම‍ දෙයකටම සෑම කෙනෙකුටම නියමිත වචන කියා දීමට සැලකිලිමත් වන්න. එවිට දරුවා ඔබ කියන නිවැරදි වචනය හුරුවීමට පටන් ගනි. උදා හරනයක් ලෙස ජෝ බොන්න, බයි කන්න, පාප්පු දාන්න, වැනි තෙරුමක් නැති නොගැලපෙන වචන භාවිතා නොකරන්න. ඇවිදීමට හුරුවන කාලයේ පටන් නිවසේ තිබෙන උපකරන වල නම් ඒවායේ අලවා තැබිය හැකිය. නිතර දැකීමෙන් ඒවා පහසුවෙන් කටට හුරුකර ගැනීමට ඔවුන්ට හැකි වෙයි. සිංහල භාශාව ඉතා වටිනා භාශාවක් බැවින් සිංහල කියවන දරුවන්ට අනෙක් ඔනෑම භාශාවක් පහසුවෙන් අල්ලා ගැනීමට හැකි බව විද්වත් මතයයි.

තවද බොහෝ දෙමාපියන් සිතන්නේ අකුරු ලිවිමට හැකි නම් ඔවුන් හොදට වැඩ කරන බවයි එහෙත් එය ඉතා වැරදි මතයකි. භාශාව යනු සවන්දීම , කතනය කියවීම ලිවීම යන අංග හතරෙහිම එකතුවයි. මින් දරුවා පළමුවෙන්ම හුරු වන්නේ සවන්දීමටයි. ඉන් අනතුරුව කතනයටත් කියවීමටත් ලිවිමටත් හුරුවේ. ඔබ දරුවාට සවන්දිමට හුරු කරන විට එය අති ශයින්ම වැදගත් ලෙස සිතන්න. ගොඩක් දිග වාක්‍ය පැටලිලි සහිතව එක පිට එක කිහිප වතාවක් නොකියා ඉතා කෙටි වාක්‍යයක් පැහැදිලිව කියන්න. එයට සවන් දිමට කාලය දෙන්න. සවන් දීමට දුර්වල ළමයකුගේ අනෙක් අංග තුනම දුර්වල වීමට වැඩි ඉඩක් ඇත. එසේම සවන්දීම සදහා ඔවුන් ඉතා කැමති දේවල් ආස හිතෙන කතන්දර කියවිමට වග බලා ගන්න

කතනය ගැන කතා කිරීමේදී අප සැලකිලිමත් විය යුත්තේ පළමුවෙන්ම දරුවාට  කතා කිරීමට ඉතා පහසු දෙයක් මනසට එකතු කිරීමයි ඉන්පසුව එය ඔහුගේ කටින් එලියට ගැනිමට එලියට ඒමට ඔහුට උත්සාහ ගැනීමට ඉඩදෙන්න. කාලය දෙන්න. බොහෝ අවස්ථාවල දරුවාට පාඩම් කියවන දෙමාපියන් පාඩම කියා දි එය ඔවුන් ‍කියවන තෙක් ඉවසා නොසිට ඔවුන්ම කියවයි. කොතෙක් වේලාව ගෙන හෝ ඔවුන්ගේ කටින්ම එය පිටවන තෙක් ඉවසා සිටින්න. මුලදී ඉතාම සරල ඔවුන්ට ගැල පෙන මාතෘකා ගැන කතා කරන්න. උදාහරණයක් ලෙස ඔවුන් බලන කාටූන් එකක් ගැන, සෙල්ලම් බඩුවක් ගැන, අම්මා තාත්තා ගැන, විමසීමට පුලුවන. මෙසේ ක්‍රමයෙන් කතනයට හුරු කරන දරුවන් ඉතා හොදින් දක්ෂලෙස කතා කරන්නේ කතා කිරීමට අවශ්‍ය වචන ඔවුන් දන්නේ නම් පමණි. එම නිසා නිතරම දරුවන්ගේ හිතට අලුත් අත්දැකීම් සමග අලුත් වචන ලබාදෙන්න. එයට හොදම මාර්ගය පරිසරය සමග මෙන්ම නෑදැයින් සහ යහලුවන් සිටින පරිසරයකට ළමයා යොමු කිරීමයි. තනිවම නිවසේ හැදෙන දරුවන් වැඩිපුර කතාවට නොපෙලබෙන්නේ කතා කිරීමට අවශ්‍ය වචන හෝ අත්දැකීම් ඔවුන්ට නොමැති නිසායි.

දරුවන් සිටින දෙමාපියන්ට?(පළමු කොටස)

Share
පොඩි ළමයින් සමග නිවසේ රුදෙන දෙමාපියන් වෙත....

කුඩා දරුවන් සමග සිටීමේදි නිතරම ඔවුන් තමා වෙත අනුන්ගේ අවධානය යොමු කරවා ගැනීමට නිරතුරුව පෙලබේ. ඒ සදහා විවිධ ක්‍රියා කාරකම් කරමින් උත්සාහ ගනී. කිසිවකු ගේ අවධානය නොලැබුනහොත් ඇඩීමට පටන් ගනී. එවිට නොවරදාම දෙමාපියන්ගේ හෝ එතන සිටින අයෙකුගේ අවධානය ලැබීම නිසා මෙයට හුරු වන දරුවා අවධානය නොලැ බෙන සෑම විටකම ඇඩිමෙන් අවධානය ලබා ගැනීම පුරුද්දක් කර ගනී. ඒ සදහා ඔබ කල යුත්තේ ප්‍රථමයෙන්ම දරුවාගේ අවධානය දිගුවේලාවක් රදවා තැබිය හැකි නිතරම ඔහු වෙත නොගැටෙන නිතරම නුදුටු යම් කිසි අලුත් දෙයක් සමග ඔවුන් රුදවීමයි. උදාහරනයක් කියනවානම් හැම දාම දෙන සෙල්ලම් බඩු නොදී පොල් කුඩු ටිකක් හෝ  හාල් ටිකක් එසේත් නැතිනම් පිරිසිදු වැලි ටිකක් බාජනයකට දමා ළග තැබීමයි. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ දරුවාට ඇදුම් අන්දවා තිබීමයි. ඒ අතරම විටින් විට ඔබ දරුවා ගැන සැලකිල්ලෙන් ඔබ කරන වැඩය වෙත අවධානය යොමු කල හැකිය. ‍

බොහො මවු වරුන් තම නිවසට කිසිවකු පැමිනි විට ඔවුන් හා කතාවට යාමේදී දරුවන් කේන්ති ගනී. කුඩා දරුවෙක් නිතරම සිතන්නේ මව තමන්ගේම පමණක් කියාය. ඇය හා වෙන කිසිවකු කතා කරනවාට ලගට එනවාට ඇය වෙන දරුවකු වඩා ගන්නවාට කැමැත්තක් නොදක්වයි. ඒ මන්ද මව ඇයට අයිති කෙනෙක් පමණක් බව සිතීමත් වෙනත් සබදතා ඇයට නොතේරීමත් නිසාය. මේ නිසා කුඩා දරුවන් සමග ගත කරන විට ඔබගේ අමුත්තාට කතා කිරිමට පෙර දරුවාට සුදුසු දෙයක් ලබා දීමට උත්සාහ ගන්න. (උදා කැමති කෑමක් හෝ සෙල්ලම් බඩ්වක් හෝ පාට ගාන්න චිත්‍රයක් හෝ ඉරා දමන්න කොල වැනි දෑ)

පෙර පාසල් යන වයසට වඩා අඩු දරුවන් සමග සිටින දෙමාපියන් නිතරම සිතනුයේ දරුවන්ට අකුරු කියවීමට ලිවිමට ඉක්මනින් හදුන්වා දීමටයි. එහෙත් ඊට පෙර ඔබ කල යුත්තේ ඔවුන්ගේ පරිසරයේ දක්නට ලැබෙන දේවලින් ඔවුන්ගේ ශබ්ද කොශය පොශණය කිරිමයි. බොහෝ විට දෙමාපියන්ට දරුවන් පරිසරය හා ගත කරවීමට කාලයක් නැත. එහෙත් අතිශයින්ම වැදගත් කරුන නම් එයම වෙයි. ගහ කොල සමග රැද වීමෙන් පාට  වර්ග, උස මිටි, මහත කෙට්ටු, ගද සුවද, දිග කොට, සිනිදු ගොරෝසු, ඉහල පහල, ඉදිරිපස පිටුපස , පලවෙනි දෙවෙනි තුන්වෙනි, වැනි හැගීම් රාශියක් අදහස් රාශියක් ඔවුන්ගේ මනසට එකතු කල හැකිය. ඕනෑම හැගීමක් සංකල්පයක් දරුවාගේ මනසට හසු කර වීමේදී  ඔවුන්ට ගැලපෙන ළමා ලෝකයේ තිබෙන උදාහරණ යොදා ගැනීමට සැලකිලිමත් විය යුතුය.

Email ගැන ඔත්තු සොයා දෙන ඌරා

Share
දැන් මම කියන්න යන්නේ ඊමේල් ගැන ඔත්තු කියන ඌරෙක් ගැන. මේකත් ඔන්ලයින් සර්විස් එකක්. මේකෙන් කරන්නේ අපි යවන ඊමේල් එකක් ලබන්නා ඇත්තටම කියවන්නේ කීයටද කියලා දැන ගන්න පොඩි විජ්ජාවක්. මේක නම් කරලා තියෙන්නේ spypig කියලා.

මීට පස්සෙ මම යවපු ඊමේල් එක ඔහු හෝ ඇය කියෙව්වද? තව දුරටත් කල්පනා කර කර ඉන්න එපා. අපේ ඔත්තු සපයන ඌරාව භාවිතා කරන්න.

‍සිම්පල් කේස් එකක් තියෙන්නෙ. පස්වන පියවර සහ හයවන පියවර තමයි පොඩි ගැටලුවකට තියෙන්නෙ. පස්වෙනි පිය‍වරේදි ඇක්ටිවේට් කියන එක ඔබන්න. එතකොට පහල කොටුවේ ඔබට ලැබෙන ඌරා ඔබ යවන්න සකස් කල ඊමේලයේ පිටපත් කරන්න. මේ සදහා ඔබට ලැබෙන්නේ තත්පර කිහිපයක් පමනයි. දැන් සාමාන්‍ය ඊමේල් ලිපියක් යවන විදියටම යවන්න. ඔබට ප්‍රතිපල දැක ගත හැකි වනු ඇත.

වැදගත්- firefox වල පමනක් භාවිතා කරන්න.
              හයවෙනි පියවරේදී right click කරලා copy paste බාවිතා කරන්න එපා. ඇදගෙන ඇවිල්ලා(Drag and Drop) ඊමේල් එකට දාන්න.
            ලබන්නා ඊමේල් වල රූප භාගත කිරීම නවතා දමා ඇත්නම් මේ සේවාව ක්‍රියාත්මක නොවේ
            ලබන්නා හා යවන්නා දෙදෙනාම HTML Enable කර තිබිය යුතුය
           

     මෙතනින් යන්න..............................      

ඇඩ් ඔන්ස් (Addons),ප්ලග් ඉන්ස් (Plugins), සහ මෘදුකාංග (Software) නොමැතිව යූ ටියුබ්(Youtube) වීඩියෝ ඩවුන්ලොඩ් කරමු.

Share
Youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඔන තරම් ක්‍රම තියෙනවා. ඒත් මම කියන්න යන්නෙ එක්ස්ටෙන්ෂන්, ප්ලග්ඉන්ස් හෝ මෘදුකාංග නොමැතිව ඔන්ලයින් ඉදන් youtube වීඩියෝ බාගත කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන.

ඇත්තටම අපි මෘදුකාංග අපේ පරිඝනකයට දාන්න දාන්න ඒක slow වෙනවා. පුලුවන්තරන් ඔන්ලයින් සේවාවන්ගෙන් ප්‍රයොජන ගන්නවානම් එක වඩා ඵලදායි කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් මේ කියන සයිට් එකට ගිහින් බාගත කරන්න අවශ්‍ය යූ ටියුබ් වීඩියෝ එකේ url එක අදාල තැනේ දැම්මම බාගත කරන්න ලින්ක් එකක් අපිට ලැබෙනවා. බාගත කිරීමේදී හොද වේගයක් අපට ලබා දෙනවා.

 මෙතනින් යන්න..........................

හැම chat එකටම එකපාර ලොග් වෙන්න මීබෝ

Share
මීබෝ කියන්නේ තවත් එක සොෆ්ට් වෙයාර් එකක් නෙමෙයි. ඒක බ්‍රවුසරය ඇතුලත දුවන වැඩසටහනක් කිවුවොත් නිවැරදියි. මේකෙන් කරන්නෙ ඔයාලගේ තැන තියෙන චැට් කරන එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න පුලුවන් විදියට අපේ වැඩ කටයුතු පහසු කරලා දෙන එක. ඒ කියන්නෙ Facebook, Gmail , Windows live,Yahoo වගේ තවත් චැට් සයිට් හුගකට එක පාරට ලොග් වෙලා ඒ හැම එකකම වැඩ කරන්න හැකියාව ඇති කරලා දෙන එක.

මේක අපිට ලොකු වාසියක් කරනවා. නැත්නම් අපි මේ හැම එකකටම වගේ වෙන වෙන මෘදුකාංග අපේ පරිඝනකයේ දාවනය කරන්න වෙනවා. එතකොට පරිඝනකයේ රිසෝසස් වැඩියෙන් නිස්කාරනයේ අපතේ යනවා. උදාහරනයක් විදියට යාහු වලට යාහු මැසෙන්ජර්, ජීමේල් වලට Gtalk වගේ. මීබෝ හරිම පහසුයි. ඔයාලත් උත්සාහ කරලා බලන්න.

මෙතනින් යන්න..............

සත්තුන්ට විශේෂ වු ටියුබයක්

Share
Youtube කියන්නේ අන්තර්ජාලයේ වීඩියෝ නරබන්න අපේ වීඩියෝ ප්‍රදර්ශනය කරන්න පුලුවන් තැනක්. ඇත්තම කිවුවොත් Youtube කියන්නෙ අච්චාරුවක් වගේ එකක්. හැම දේම තියෙනවා. මට හම්බ වුනා  සත්තුන්ට විතරක් විශේෂනය වෙච්ච youtube වගේ Tube එකක්. ගොඩක් හිනා යන වගේම සත්තු ගැන විස්තර වීඩියෝ විතරයි මේකෙ තියෙන්නෙ. ඔක්කොම සත්තු  ගැන. පොඩි FUN එකක් ගන්න මේ පැත්තෙත් ගිහින් එන්න.

මෙතනින් යන්න................................

නොමිලේ අන්තර්ජාතික මැගසින් කියවන්න

Share
අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය හුගක් මැගසින් වල පිටපත් දැන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවන්න පුලුවන්. හුගක් කිවුවට සමහර ජනප්‍රිය මැගසින් මේකේ නැහැ. pcworld එහෙමත් නැත්නම් Asia Week වගේ ජනප්‍රිය සගරා මේකෙ නැහැ. නමුත් වාහන ගැන තියෙන සගරා, දේශපාලනය ගැන තියෙන සගරා වගේ ඒවා හුගක් මේකෙ තියෙනවා.

හැම එකක්ම තියෙන්නෙ PDF විදියට. සමහර සගරා කියවන්න ලියාපදිංචි වීම අනිවාර්යයි. සියලුම ශේත්‍ර ආවරනය වන විදියට මේකේ සගරා තියෙනවා කියලා තමයි කියන්නෙ. ඒ කියන්නේ තමන්ගෙ රුකියාවට අදාල අලුත්ම ලිපි ඇතුලත් සගරාවත් මේකෙන් හොයා ගන්න බැරි වෙන එකකුත් නැහැ.

මෙතනින් යන්න............

ෆේස්බුක් මයික්ස්‍රොෆ්ට් කසාදේ.

Share

මයික්ස්‍රොෆ්ට් සමාගම හා ෆෙස්බුක් සමාගම එකතු වෙලා ගුගල් සමාගමට පොඩි තරගයක් දෙන්න ඉදිරිපත් වෙලා. Microsoft Office පැකේජයට සමානව ගුගල් සමාගම මගින් ඉදිරිපත් කරන ලද Google Docs හුගක් ජනප්‍රිය ​වුනා. Google Docs online භාවිතා කරන්න පුලුවන්. ඈත්තටම ඒක ඔන්ලයින් භාවිතා කරන්නම හදපු වැඩසටහනක්. අන්තර්ජාලය නොමැතිව උනත් බාවිතා කරන්න බැරැවම නොවෙයි. වඩා පහසුවෙන් online වැඩ කර ගන්න පුලුවන්.

Microsoft සහ Facebook එකතුවෙනුත් හදන්න යන්නේ මේ වගේ එකක්. ඒකට එ ගොල්ලො නම දාල තියෙන්නේ Docs.com කියලා.  දැනට අපි භාවිතා කරන office වැඩසටහනේ තියෙන  වර්ඩ්,එක්සෙල්, පවර්පොයින්ට් වගේ හැම වැඩසටහනක්ම මේකට අන්තර් ගත කරන්න ඒ ගොල්ලා බලාපොරොත්තු වෙනවලු. හැබැයි එක්සෙල් වල තියෙන මැක්රො කියන පහසුකම වගේ සංකීර්න ඒවා ඇතුලත් කරලා නැහැ කියලත් කියනවා.

තාම මේක තියෙන්නෙ අත්හදා බැලිමේ මට්ටමක. තාම කිහිප දෙනාටයි අවස්ථාව දීලා තියෙන්නෙ. අනාගතයේදී හැමොටම විවෘත වේවි.

මීට පස්සෙ අපිට අපේ ඩොකියුමන්ට් අපේ කම්පියුටරයේ ගබඩා කරන්නේ නැතුව ඔන්ලයින් ගබඩා කරලා ඔන වෙලාවක ලෝකයේ ඔනම තැනකදී භාවිත කරන්න පුලුවන් වේවි.

Gmail වල යවපු ඊ මේල් එකක් වලක්වමු (undo) කරමු

Share
යවපු ඊමේල් එකක් මම දන්නා තරමින් මොනම තැනක වත් වලක්වන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. අත්වැරුද්දකින් වැරදි බොත්තමක් ඔබලා ඊමෙල් එකක් ගියොත් ඉතින් ගියාම තමයි. ආපහු ගන්න බැහැ. හැබැයි Gmail වල ඒ පහසුකම අපට දීලා තියෙනවා. එත් ඉතින් ඒක කරන්න පුලුවන් ඊමේල් එක යවපු වෙලාවේ ඉදන්ඉතා සුලු වෙලාවකට.

මේක නිකම්ම ඈක්ටිවේට් වෙන්නේ නැහැ. ඈකිටිවේට් කරන්න ඔන.මේකයි පිලිවෙල.

* Gmail  වල සෙටින්ග්ස් වලට යන්න.

* සෙටින්ග්වල LABS කියන ටැබ් එකට යන්න.
* ඊට පස්සෙ undo send කියන එක එනේබල් කරන්න

කතාව එච්චරයි. ඊට පස්සේ ඊමෙල් එකක් යවන හැම වෙලාවකම option එකක් එනවා undo කරන්න ද කියලා අහලා. මේක සමහර වෙලාවට මාර විදියට වැදගත් වෙනවා.  අනිවා එනේබල් කරන්න ඔන එකක්.

වේගවත්ම ගූගල් ටියුබ් බීටා දැන් බාගන්න

Share
ගූගල් තමන්ගේ වෙබ් බ්‍රවුසරය වන ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ අලුත්ම බීටා සන්ස්කරනය අද නිකුත් කලා. ඔවුන් කියන විදියට මෙතෙක් නිකුත් කල වේගවත්ම බීටා සන්ස්කරනය මේක තමයි. මම නම් බීටා සන්ස්කරනය බාගත්තා. මට නම් හිතෙන්නේ මේක ඇත්තටම වේගවත් කියලා. ඔයාලත් ට්‍රයි කරලා බලලා අපිටත් විස්තර කියන්න.

කොළඹ කොටස් වෙළද පොල අඩවිය පිරී ඉතිරී යයි

Share

කොළඹ කොටස් වෙළද පොල නිල වෙබ් අඩවිය වන www.cse.lk වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂකයන් ගනන 300% කින් ඉහල ගොස් ඇති බව කොළඹ කොටස් වෙළද පොල බලදාරීන් පසුගිය දා අනාවරනය කලෝය. මෙම වර්ධනය පසුගිය මාස 6ට සාපේක්ෂව වන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මෙය 1000%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව තව දුරටත් එම වාර්ථාවේ සදහන් වෙයි.

මාස 6කට පෙර වෙබ් අඩවියේ ධාරිතාවය (BANDWIDTH) මෙගා බයිට්ස් 1.5 සිට 10 දක්වා වැඩි කර ගත්තද අද වන විට මෙම වෙබ් අඩවියට පිවිසීමට ඉතා අපහසු වී තිබේ. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ අන්තරජාල සේවා සපයන්නන් හා සාකච්චාකොට මෙම සීමාව තවත් පුලුල් කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවයි.

ගුවන් යානයක ගුවන් නියමුවන් හා ගුවන්තොටුපල අතර සිදුවන සංවාදය සජීවීව අහන්න කැමතිද?

Share
ගුවන් යානයක පාලකයා ගුවන් නියමුවායි. නමුත් ගුවන් නියමුවන් තම කටයුතු කිරීමට ගුවන් තොටුපල ATC නම් ස්ථානයෙන් දෙනු ලබන උපදෙස් උපයෝගි කර ගනී. මෙම ස්ථානය පිහිටා ඇත්තේ සාමාන්‍යයෙන් උස කුලුනකය. ගුවන් තොටුපලේ ඇති උසම ස්ථානය මෙය යැයි කිව හොත් නිවැරදිය.

ගුවන් නියමුවන් හා ගුවන්තෙටුපල ATC නම් ස්ථානය අතර සිදුවන කතා බහ අපට සවන්දීමට පුලුවන. 118mhz  ,135.8mhz උපයෝගි කර ගනිමින් ස්කැනරයක් මගින් අපට සවන්දිය හැක.අවසර ලබාගෙන මෙසේ සවන්දීම මා දන්නා විදියට ජාත්‍යන්තරයේ නීති විරෝදී නැත. ලංකාවේ තත්ත්වය නම් කීමට නොදනී.

මෙම කතා බහ අන්තර්ජාලයටද සජීවීව සවන්දිය හැකි වන සේ එක් කර ඇත. මෙසේ එක්කර ඇත්තේ එතරම් කාර්යබහුල නොවන හා අතිශය වැදගත් පුද්ගලයන් එහා මෙහා නොයන ගුවන්තොටුපල වල වීම විශේෂත්වයකි. තවද ලංකාවේ හෝ දකුනු ආසියාවේ කිසිම රටක මෙම සේවාව සපයන්නේ නැත. ආසියාවේ පවා මෙම සේවාව සපයන රටවල් ඇත්තේ සීමිත සංඛ්‍යවකි. බටහිර රටවල තත්ත්වය මීට  වෙනස්වයි.

නිවුයොක් ගුවන්තොටුපලක සජීවී සංවාදයට මෙතනිනි සවන්දෙන්න...........

තවත් ගුවන්තොටුපලවල ගුවන්විදුලි සම්ප්‍රේශනයන්ට සවන්දීමට මෙතනින් යන්න............

ඇපල් අයි පෑඩ් දින 28 ක් තුල මිලියනයක් විකුනලා

Share
ඇපල් අයි ෆෝන් වලින් පස්සේ ආපු අයි පෑඩ් 3G සෑහෙන ජනප්‍රිය වෙලා. දින 28ක් තුල මිලියනයක් විකුනලා වාර්ථාවකුත් තියලා. මීට කලකට ඉහත ඇපල් අයි ෆෝන් වෙළද පෙලට ආවාම ඒක පෙරලියක් කියලා විචාරකයෝ කිවුවේ. ඒත් අයි ෆෝන් මිලියනයක් විකුනන්න දින 76ක් ගත වෙලා තියෙනවා. අයි පෑඩ් වලට ගත වෙලා තියෙන්නේ ඒකෙන් හරියටම බාගයයි.

අයි පෑඩ් වල මේ නොසිතූ විරු ජනප්‍රියත්වය මයික්‍රොසොෆ්ට් සමාගමට එච්චර හොද වෙන පාටක් නම් නැහැ. මොකද මයික්‍රොසොෆ්ට් සහ HP සමාගම් දෙකම තමන්ගේ අයිපෑඩ් හා සමාන ටැබ්ලට් පීසී වැනි ඒවා වෙළද පොලට නිකුත් නොකිරීමට තීරනය කරලා.

අයිපෑඩ් එකක ලංකාවේ තීරු බදු නොමැතිව මිල රැපියල් 60,000- 100,000 දක්වා වෙනවා. තීරු බදුත් එක්ක එනකොට මේ වගේ එක හමාරක් විතර වේවි.

නැතිවු ජංගම දුරකතනය සොයාගන්න දැන් පුලුවන්. මෙන්න ක්‍රමය.....

Share
ඔබේ ජංගම දුරකතනය කවදාහෝ කවුරුන් විසින් හෝ හොරකම් කර තිබේද? ඔබ එම දුරකතනය සොයා ගත්තා ද? නැතිවූ දුරකතනයක් සොයා ගන්න පුලුවන් කියලා ඔයාලා හිතනව ද?

අතීතයේ දි නම් නැතිවු දුරකතනයක් තාක්ෂනික ක්‍රමයක් භාවිතා කරලා හොයාගන්න අමාරුවුනා. එහෙම ක්‍රමයක් තිබුනත් සාමාන්‍ය ජනතාවට එම තාක්ෂනය භාවිතා කරන්න අවසර තිබුනේ නෑ. අතීතයෙදි කිවුවට මීට හරියටම මාස හතරකට ඉස්සෙල්ලත් බැරි උනා.

ඒත් දැන් ඔබේ දුරකතනය නැති උනාට බය වෙන්න එපා. කරන්න තියෙන්නෙ නැතිවූ ස්ථානය ලගම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දාන එක. ඒ පැමිනිල්ලෙ ජංගම දුරකතනයේ IMEI නම්බර් එක සටහන් කරනවානම් වඩාත් හොදයි. ඒක නොදැන ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. නැති වෙච්ච දුරකතනයේ නොම්මරේ ප්‍රමානවත්.ඒත් ඉතින් එමි නම්බර් එක හොයා ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.  *#06# ගැහැවුවම ඒන IMEI අංකය කවුරු කවුරුත් ලියලා තියාගන්න.පරීක්ෂන වලට ඒක පහසුවක්.

පැමිනිල්ල දැම්මට පසුව කරන්න තියෙන්නේ දුරකතනය පිලිබද සියලුම විස්තරයි පැමිනිල්ලේ පිටපතක් විදුලි සන්දේශ නියාමක කොමිසන් සභාවට ගිහින් ලිඛිත පැමිනිල්ලක් සමග භාර දෙන එක විතරයි.

දුරකතනය භාවිතයේ තියෙනවා නම්, සිම්පත් මාරු කරලා තිබුනත්, කෑලි ගලවල තිබුනත් අනිවාර්යෙන්ම හොයලා දෙන්න පුලුවන් කියලා තමයි නිල නොලත් විදියට කියන්නෙ.

මාව ෂුවර් නැ වගේ නම් විදුලි සංදේශ නියාමක කොමිසන් සභාවේ පාරිභෝගික සම්බන්දතා අංශය පහත දුරකතන මාර්ග වලින් අමතලම විස්තර දැනගන්න.

011-2262215
011-2262216
011-2262222
011-5316159
011-4514067

Youtube වීඩියෝ බද්දට දීම අරබයි

Share


යූ ටියුබ් සමාගම තමන් සියල්ල නොමිලේ දීම නවතා දමා වීඩියෝ බද්දට දීමේ ක්‍රමයක් ආරම්බ කර තිබෙනවා. බය වෙන්න දෙයක් නෑ සාමාන්‍ය වීඩියෝ එලෙසම නොමිලේ අපට බලන්න පුලුවන්.මේ කියන්න යන්නේ ලෝකයේ අලුත්ම චිත්‍රපටි, වාර්ථා චිත්‍රපටි එහෙමත් නැත්නම් වටිනාකමක් ඇති ලෝකයේ සියලු චිත්‍රපටි පැය 48කට බද්දට දීමක් සම්බන්දවයි. ඉස්සර තිබුනේ වීඩියෝ සෙන්ටර් , අන්න ඒ වගේ වැඩක් තමයි යූ ටියුබ් කරන්න යන්නේ.

මෙම චිත්‍රපටියක් පැය 48 ක් බද්දට දීම සදහා ඔවුන් රැපියල් 100 සිට 400 දක්වා මුදලක් අය කරනවා.දැනට මේ සේවාව සදහා ඇත්තේ චිත්‍රපටි සහ රුපවාහිනී වැඩසටහන් ඉතා සීමිත සංඛ්‍යාවක්.නමුත් අනිවාර්යෙන්ම මෙය විශාලම චිත්‍රපටි පුස්තකාලය වේවි. දැනට නම් මේ සේවාව ලංකාවට වලංගු නෑ.

මෙතනින් ගිහිල්ලා බලන්න.............................

ගූගල් පරිඝනක ගෙම්ස් නිශ්පාදනයට අත ගසයි......

Share
ගූගල් සමාගම තමන්ගේ සුපුරුදු ගමන්මග වෙනස් කරමින් ඔවුන්ට නවතම අංශයක් වන පරිඝනක ක්‍රිඩා නිපදවීමට යන බව වාර්ථාවෙනවා.දැනගන්නට ලැබෙන අන්දමට සෝනි පරිගනක ක්‍රිඩා අංශයේ මාක් ඩිලොරා නැමැත්තා ගූගල් සමාගමේ පරිඝනක ක්‍රිඩා අංශයට බදවාගෙන තිබෙනවා.ඔහු google gaming හි (developer advocate)සංවර්ධන අද්වකාත් ලෙස පත් කරලා තියෙනවා. ගූගල් පරිඝනක ක්‍රිඩා එම ශේත්‍රයේ ඉදි‍රියෙන් සිටින සෝනි සහ නින්ටෙන්ඩෝ වගේම EA sports වලටත් හොද තරගයක් දේවි කියලයි ශේස්ත්‍රයේ ප්‍රවීනයො කියන්නෙ.

ඕනම බාර්කොඩ් එකක් කොම්පියුටරයෙන් කියවමු

Share
මීට ඉස්සෙල්ලා දාපු ලිපියකින් කිවුවනේ කොහොම ද ඔනම දෙයක් බාර්කොඩ් එකක් බවට හරවන්නේ කියලා. (ඕනම දෙයක් බාර්කෝඩ් එකකට හරවන්න). මේ ලිපියෙන් කියන්නේ තියෙන් බාර්කෝඩ් එකක් කොහොමද කියවන්නේ කියලා. මොනවා හරි වෙළද භාන්ඩයක ඇති බාර්කෝඩ් එකක ෆොටෝ එකක් ගන්න. ඒක මේ ඔන්ලයින් සර්විස් එකට අප්ලෝඩ් කරලා මොනවාද තියන දත්ත කියලා කියවගන්න පුලුවන්. නිතර දෙවේලේ අවශ්‍ය නොවුනත් සමහර වෙලාවක් එන්න පුලුවන් මේක ඕන වෙන.

මෙතනින් යන්න..........

වතුෙරන් වදුලිය නිපදවන අලුත් ෙමාබයිල් ෙෆා්න් චාජරය

Share
ෙම්ක ෙබාරුවක් නම් ෙනෙමයි. අැත්තටම අැත්ත. වතුෙරන් විදුලිය උපදවා 2011 දී රුපියල් 4000 සහ 5000 අතර මිලකින් ෙලා්ක ෙවළද ෙපාලට පැමිනීමට නියමිත ෙමම අලුත් මාදිලිෙය් චාජරය පරීක්ෂන බීටා මට්ටම අවසන් කර අැති බව ඒහි නිශ්පාදකයන් වන Myfc සමාගම පවසනවා. ෙම්ෙක් නම H3 ෙලස නම් කර තිෙයනවා.

ජලයෙන් විදුලිය නිපදවීමට ෙනාෙයකුත් බාදක අැති මුත් ෙමම චාජරය ඒම භාදක මග හැර අැති බව නිශ්පාදක සමාගම පවසනවා. මගෙ සිංහල ස්ථාපනය හා ටයිපින් පිලිබදව ෙපාඩි ප්‍රශ්නයක් මතු ෙවලා තිෙයනවා.ෙකාම්බුවට පස්ෙස් බින්දුව ඒනවා. වැඩි විස්තර ලියන්න අමාරුයි. ඔයාලම කියවලා බලන්න.

ෙමන්න ලින්ක් ඒක.................

ඔපෙරා මිනි (opera mini) ඔන්ලයින් සිමියුලෙටරයක්

Share
අපි කවුරුත් දන්න ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය පරිඝනකයෙ භාවිතා කරන්න සිදු විනි නම් කුමක් කරම් ද?මෙන්න ඒකට ක්‍රමය. වැය වන්නෙ ඉතා මත් අඩු ඩෙටා ප්‍රමානයක්. ඉතා අඩු ඩෙටා ප්‍රමානයකින් තමන්ට අවශ්‍ය ෙතාරතුරු ඉතා ඉක්මනින් මෙ ක්‍රමය මගින් දැන ගන්න පුලුවන්. සාමාන්‍ය මොබයිල් දුරකතනයෙ භාවතා කරන විදියටම මෙතනත් භාවිතා කරන්න.

මෙතෙනින් යන්න.........

අන්තර් ජාලය හරහා ෆොරෙක්ස් ගනුදෙනු කිරීමට යාම අපේ මුදල් නිකරැනේ නාස්ති කිරීමක් ද?

Share
දැන් දැන් අන්තර් ජාලය හරහා මුදල් ගනුදෙනු කොටස් වෙළද පොල ගනුදෙන් වගේම ෆොරෙක්ස් ගනුදෙනුත් විශාල වශයෙන් සිදුවනවා. ලෝකයේ මූල්‍ය නීති රීති ලිහිල් වත්ම ලෝකයේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු සාමාන්‍ය ජනතාවටත් විවෘත වන්න ගත්තා. මුලින් මේ ෆොරෙක්ස් වෙළද පොල ගනුදෙනු බැංකු සහ මුල්‍ය ආයතන වලට පමනක් සීමා වුවත් දැන් මහජනතාවට අන්තර්ජාලය හරහා ෆොරෙක්ස් වෙළද පොලට කෙලින්ම සම්බන්ද වෙන්න පුලුවන්. ඒත් ඉතින් ෆොරෙක්ස් වෙළද පොල ලාබ ලබන්න පුලුවන් වෙන්නේ මුදල් ආයොජනය කරන පුද්ගලයන්ගෙන් 5% කට විතරයි. ඉතිරි සේරම අසාර්ථක වෙනවා. ලංකාවේ පෑන් ඒෂියා බැංකුව ගිය වසරේ ෆොරෙක්ස් ගනුදෙනු කිරීමෙන් ලැබුනු පාඩුව රැපියල් මිලියන 500 කට මදක් වැඩියිලු. කතාව එහෙමනම් සාමාන්‍ය දැනුමක් තියෙන සාමාන්‍ය ආයෝජකයන් ගැන කුමන කතාද?

අපි කියන්නේ මොනම හේතුවක් නිසාවත් ෆොරෙක් වෙළදපොලේ ආයොජනය කරන්න යන්න එපා. කොටස් වෙළදපොල වගේ නෙමෙයි. පාඩු ලබන්න තියෙන අවස්ථා හුගක් වැඩියි. සමහර ‍ෆොරෙක්ස් බ්‍රෝකර් වරු ඉතාලියේ නැත්නම් ඇමරිකාවේ ඉදලා තොරතොංචියක් නැතුව දුරකතන ඇමතුම් දෙනවා මුදල් ආයෝජනය කරන තුරු. ඒ ගොල්ලො නොයෙක් දේවල් කියනවා. අහුවෙන්න එපා. සල්ලි ටිකක් වැඩිපුර තියෙනවානම් කොටස් වෙළද පොලේ ආයොජනය කරන්න.

ඕනම දෙයක් බාර්කොඩ් එකකට හරවන්න

Share
ඔබ නිරන්තරයෙන් බාරකොඩ් කියන ඒවා දැකලා ඇති. විවිධ වෙළද භාන්ඩවල මේවා සදහන් කරලා තියෙනවා. බාර්කොඩ් වල මොනවාද සටහන් වෙලා තියෙන්නේ කියන එක අපට සමහර වෙලාවට ප්‍රශ්නයක්. මේ බාර්කොඩ් වලට ඕනෑම දත්තයක් ඇතුලත් කල හැකිය. ඒ කියන්නේ බාර්කෝඩ් එකක් ලෙසින් ඕනම දත්තයක් අපට ගබඩා කරන්න පුලුවන්. මිල,කල් ඉකුත් වන දිනය, නිශ්පාදිත දිනය, නම වගේ ඕනෑම එකක්.

අපි අපේ නම වගේ එකක් බාර් කොඩ් එකක් බවට හරවන්න ට්‍රයි කරමුද ? ඒක ඔන්ලයින් කරන්නම වෙබ් අඩවියක් සැදී පැහැදී ඉන්නවා. ට්‍රයි එකක් දාල බලමුද?


ලෝකය පුරා ගහන ක්‍රිකට් මැච් වල විශේෂ අවස්ථා බලන්න හොදම තැන

Share
ලෝකය පුරා ගහන ක්‍රිකට් තරග 100% දැන් සජීවීව විකාශනය වෙනවා. ඒවායේ විශේෂ අවස්ථා ලොව පුරා විවිධ රුපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය වෙනවා.ලෝකය පුරා විවිධ රුපවාහිනි නාලිකා ඔස්සේ මේවා විකාශනය වෙනවා වගේම අන්තර් ජාලයේ මෙම විඩියෝ දර්ශන තියෙන්නත් විවිධ තැන්වල විවිධ අඩවි වල. ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් ඔබ ක්‍රිකට් තරග නරඹන්න ප්‍රියයි නම් මෙන්න තැන. මේ දවස්වල විස්සයි 20 ලෝක කුසලානය නිසා කොහොමටත් ක්‍රිකට් උනුසුම වැඩියිනේ. මෙතනින් යන්න.

ආච්චි අම්මා....

Share


ලෝකයේ බොහෝ ආච්චි අම්මාවරැ සිටී. බොහා් දෙනෙකඅට කුඩා කාලයේ අච්චි අම්මා මහ මෙරක් සේ වටී. නෑවීම කැවීම පෙවීම ඇදුම් සේදීම පාසල් යැවීම පාසලෙන් නැවත එක්කරගෙන යෑම  සැයලු දේ කරමින් සිටින ආච්චිඅම්මා වැඩිවියට පැමිනෙත්ම ළමයිට බොහෝ විට අමතක වන චරිතයකි. ළමයින් හදා ළමයින්ගේ ළමයිනුත් තමාගේ ළමයින්ටත් වඩා ආදරයෙන් බලා ගන්නා ඇයට ජීවිතයේ කිසිදාක නිදහසක් නොලැබේ. එහෙත් සිය ‍කැමැත්තෙන්ම ඉතා ආදයෙන් දරැවන් ගේ දරැවනුත් හදන ඇයව උගත් කමත් බුද්දියත් සමග මුහුකුරා යන අයට අමතක වෙයි. හොදින් ඉගෙන ගෙන ඉහළට යන විට ක්‍රමයෙන ඇයගේ ජීවිතයෙන් ඈතට යන දරැවන් බොහෝ විට ඇය බැලීමට එන්නේ අවුරැද්දකට වතාවක් පමනක් විය හැක. තවත් සමහර විටෙක අවුරැදු කිහිපයකට විය හැකි අතර ඇතැම් විට බැලීමට පැමිනීමට තරම් වත් වටිනාකමක් ලබා නොදේ. මව පිය මෙන්ම කුඩා කාලයේ ආදරය කල රැක බලාගත් ආච්චි අම්මා ජීවිතයේ කොතරම් වටිනා චරිතයක්දැයි දෙමාපියන් දරුවන්ට ප්‍රායොගිකව අවබෝද කර දිය යුතුය. වේගවතව ඉදිරියට ඇදෙන නවීන සමාජය තුල එවැනි චරිත ගැන සිතීමටවත් දරුවන්ට ඉඩ නොතිබිය හැකිය. නමුත් ආවේදන තුලින් පෝශනය වු හදවතක් ඇති සංවේදි දරුවන් තැනීමට දෙමාපියන් වග බලා ගත යුතුය. ඒ කෙසේ වෙතත් මෙය කියවන යම් කෙනෙක් වේද තමාගේ අතීතය සිහි කරීමට ඉතා කුඩා මොහොතක් ලබා ගැනීමට ඉල්ලා සිටිමි.


ඔබට කෙතරම් ඇයව මතකද ? ඔබට කොතරම් උදවු කර ‍තිබේද ? ඔබට කොපමන දැනුම දී තිබේද ?ඔබව කෙතරම් පෝශණය කලාද ? අණතුරුවලින් කොතරම් ආරක්ෂා කර ගත්තාද ? මතකද???????????? සිතන්න. එහි ‍අනෙක් පැත්ත නම් ඔබ කී දවසක් ඇය බැලීමට ගොස් තිබේද ? ඇය කැමති දෙය අරන් දී තිබේද ? ඇය කැමති දේ ගැන කතා කලේ ද ? සැප දුක් විචාලේද ? අතීතයේ දේවල් මතක් කර සිනා සුනාද? සිතන්න. ඇය ඔබට සැලකුවා හා සමානව හෝ එයට ආසන්නව ඔබ ඇයට සලකා ඇත්ද?ඔබේ සිතම ඔබගේ නිවරිදි භාවය කොපමන දැයි තීරනය කරනු ඇත. 



ඇපල් අයි ෆෝන් ඇතටම ලෝකයේ හොදම ෆෝන් එක ද?

Share
මම නම් හැමදාම පා‍විච්චි කලේ නොකියා නැත්නම් සෝනි එරික්සන්. ඇපල් ෆෝන් එහෙමත් නැත්නම් ගූගල් ෆෝන් භාවිතා කරන්න අවස්ථාවක් ලැබිලා තිබුනේ නෑ. මම හිතන් හිටියේ දැනට තියෙන හොදම ෆෝන් එක නොකියා ‍එන් 96 නැත්නම් නොකියා මියෝමි ඩිවයිස් කියලා. මම නොකියා E71 N95 එහෙම පාවිච්චි කරලා තියෙනවා. ඒත් මට අහම්බෙන් හම්බවුනා ගූගල් ෆෝන් එකකුයි ඇපල් අයි ෆෝන් එකකුයි පාවිච්චි කරන්න. ඇපල් අයි ෆෝන් එක ඇත්තටම වේගවත්. ෆොටෝ සූමිං කරන්න යොදලා තියන ක්‍රමය ‍එහෙම විශිෂ්ඨයි. ජීපීඑස් එහෙම අනර්ගයි. ගූගල් ‍ෆෝන් වලට හුගක් එහා ගියපු ඇපල් අයි ‍ෆෝන් විකුනන්න ලංකාවේ තියෙනවාද දන්නෙ නෑ. තිබුනත් ගාන හිතා ගන්නත් අමාරැවෙයි මං හිතන්නෙ. ඔබ අංගසම්පුර්න ජංගම දුරකතනයක් භාවිතා කරන්න හිතනවානම් ගන්න ඔන ඇපල් අයි ෆෝන්  එකක්.

මොබයිල් ගිනි නරියා

Share
කවුරැත් දන්න ෆයර් ෆොක්ස් නොහොත් සුද්ද සිංහලෙන් ගිනි නරියා කියලා හදුන්වන ලෝකයේ දෙවෙනියට ජනප්‍රිය කම්පියුටර් වල භාවිතා වන වෙබ් බ්‍රවුසරයේ මොබයිල් සන්ස් කරනය දැන් නිකුත් කරලා තියනවා. දැනට මොබයිල් ෆයර් ෆොක්ස් කන්ඩායම ඇන්ඩොබිඩ් කියන මොබයිල් ඔපරේටින් සිස්ටම් එකට විතරයි මොබයිල් ගිනි නරියා නිකුත් කරලා තියෙන්නේ. තවදුරටත් ඔවුන් කියන්නේ මේ අවුරැද්ද ඇතුලත සිම්බියන් සහ අයි ෆෝන් ඔපරේටින් සිස්ටම් වලටත් මොබයිල් සන්ස්කරන්ය නිකුත් කරනවාය කියලා. දැනට මොබයිල් බ්‍රවුසර් යුද්දයේ කප් එක ගහලා තියෙන් ඔපෙරා මිනි සහ ඔපෙරා මොබයිල් බ්‍රවුසර් වලට හොද තරගයක් මේ මගින් එල්ල වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මොබයිල් අහස් ගින්නෙන් යූ ටියුබ් සැරිසරමු

Share

මොබයිල් එකේ යූ ටියුබ් බලන්න මොන තරම් ක්‍රම තිබුනත් මේ කියන්න යන ක්‍රමය වඩා සාර්තක වෙයි කියලයි මම නම් හිතන්නේ. skyfire කියන්නේ අලුත්ම මොබයිල් බ්‍රවුසරයක්. ඔපෙරා මිනි යුසී බ්‍රවුසර් වගේ බ්‍රවුසරයක්. තවමත් බීටා තත්වයේ තමයි තියෙන්නෙ. මේ බ්‍රවුසරය තුල ඉදන් ෆැලෑෂ් වීඩියෝ ඕන එකක් බලන්න පුලුවන්. මේක දැනට වැඩ කරන්නේ වින්ඩෝස් මොබයිල් සහ සිම්බියන් කියන මොබයිල් ඔපරේටින් සිස්ටම් දෙකට විතරයි. ට්‍රයි කරලම බලන්න.