" ක්‍රේන් " ලංකාවෙ තෙල් සොයයි

Share
ක්‍රේන් ලංකා යන සමාගම පසුගියදා ලංකාවේ බොරතෙල් නිධි ගවේශනයට ගිවිසුම් අත්සන් කරන ලද අතර  ඔවුන් තමන්ගේ කටයුතු දැනටමත් ආරම්බ කර තිබේ. ක්‍රේන් ලංකා සමාගම 100% ක්‍රේන් ඉන්දියා නම් වු සමාගමට අයත් වන අතර එය බ්‍රිතාන්‍ය සමාගමක මූල ධනයෙන් නිර්මිතවූ බ්‍රිතාන්‍යයට අයිති සමාගමකි.

ක්‍රේන් ලංකා ගමාගම දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් ආයෝජනය කර ඇත. මන්නාරමට ඔබ්බෙන් මුහුදේ වු මන්නාරම් ද්‍රෝනියේ මෙම පරීකෂන කටයුතු සිදු කරන අතර ඔවුන්ගේ දත්ත එක්රැස් කිරීම 2011 මාර්තු වන විට අවසන් කරන බව එහි ප්‍රකාශකයකු ප්‍රකාශ කරන ලදී.

ඔහු තවදුරටත් කියා සිටියේ මන්නාරම අවට බොරතෙල් බැරල් බිලියනයක් අවමවශයෙන් සොයා ගත හැකි බවට විශ්වාස කරන නමුත් මේ වනතෙක් තෙල් ඇති බවට ඔප්පු වී නොමැති බවයි. දැනට එකතු කරගෙන ඇති දත්ත අනුව ඔවුන් සෑහීමකට පත් වන අතර තෙල් තිබේ ය යන දැඩි විස්වාසයෙන් ඉදිරි කටයුතු කරන බවටද ඔහු පැවසීය.

වර්ග කිලොමීටර් 3000 බැගින් වු කැබලි 8ක් ක්‍රෙන් සමාගමට ලබා දී ඇති අතර මීට පෙර ශ්‍රි ලංකා ආන්ඩුව තෙල් ගවේශනය සදහා ඉන්දියාට සහ චීනයට කරන ලද ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර නොලැබිනි.

මේ පිලිබදව පවුසි අමාත්‍ය වරයා පවසා ඇත්තේ ඉන්දියාව හා චීනය ක්‍රේන් සමාගම තෙල් සොයා ගන්නකම් බලන් ඉන්නවා විය හැකියිග ක්‍රේන් ඉස්සෙල්ලා තෙල් සොයාගත්තාම ඒ අයත් පටන් ගනීවි යන්නයි.

කොළඹ කොටස් වෙළද පොල ගනුදෙනු අන්තර් ජාලයේ සිට සිදු කරන ක්‍රම සහ විදි (Online Trading platforms) පලමු කොටස

Share
කොළඹ කොටස් වෙළද පොල ගනු දෙනු දැන් අන්තර් ජාලය හරහා සිදු කල හැකි බව ඔබ දන්නවා ද? කොළඹ කොටස් වෙළදපොල බලදාරීන් අන්තර්ජාල ගනුදෙනු ප්‍රචලිත කිරීමට දැඩි වෙහෙසක් යොදන බව පෙනේ. මෙම ලිපි පෙල මගින් කොළඹ කොටස් වෙළද පොල ගනු දෙනු අන්තර්ජාලයෙන් සිදු කරන්නේ කෙසේද? එහි ඇති ආරක්ෂාකාරී බව සහ වාසි අවාසි සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙයි.

ඔබ දැනටමත් දන්නා පරිදි කොටස් වෙළද පොල ගනු දෙනු සිදු කිරීම සදහා පලමුව සිදු කල යුත්තේ බ්‍රොකර් සමාගමකට ගොස් ඒ හරහා CDS ගිනුමක් විවෘත කිරීමය. මෙයට දින කිහිපයක් ගත විය හැකි අතර එම ගිණුම විවෘත වු පසු ඔබ විසින් අන්තර්  ජාලය හරහා ගනු දෙනු සිදු කිරීමට බ්‍රොකර් සමාගම සමග ගිවිසුමක් අත්සන් කල යුතුය. මේ සියල්ල අවසන් වු පසු ඔබට email හරහා usser name සහ password ලැබෙනු ඇත.ඉහත සදහන් කරැනු දෙකටම කිසිදු මුදලක් වැය නොවන අතර අන්තර් ජාලය හරහා කොටස් වෙළද පොලට සම්බන්ද වීමට ඔබගෙන් කිසිදු මුදලක් අයකර නොගනී. ඔබව අන්තර් ජාලය හරහා කොටස් වෙළද පොලට සම්බන්ද කිරීමට බ්‍රොකර් සමාගම් ක්‍රම කිහිපයක්(මෘදුකාංග) (platforms) බාවිතා කරයි.එක් එක් බ්‍රොකර් සමාගම තමන්ට හොද යයි සිතන ක්‍රමය බාවිතා කරයි. (මම platform යන්නෙහි නියම සිංහල තෙරැම නොදනිමි)

1) A TRADER
2) PORTFOLIO MANAGER
3) CDAX PRO




මෙම PLATFORM 3න් ‍ම කොටස් මිලදී ගැනීම සහ විකිනීම සිදු කල හැකි අතර අන්තර් ජාලයේ සැරිසැරීමට භාවිතා කරන සාමාන්‍ය බ්‍රවුසරයම භාවිතා කරමින් සියලු ගනු දෙනු සිදු කල හැක. CDAX පමනක් ඔබට අවශ්‍ය පරිදි නොමිලේ මෘදුකාංගයද බාගත කර ගත හැකි නමුත් ඔවුන්ගේ ජංගම දුරකතන මෘදුකාංගය සදහා මුදලක් අයකර ගනී. මේ 3නේම විවිද වාසි සහ අවාසි ඇති අතර වඩාත් භාවිතා වන සහ වඩා වැඩි පහසුකම් ලබා දෙන්නේ cdax මෘදුකාංගයෙනි. මෙම  PLATFORM 3 නේම ඇති වාසි අවාසි සහ ප්‍රයොජන විස්තරාත්මකව 
ඉළග ලිපියෙන් ලබා දෙන අතර කරැනු වශයෙන් පහතින් දක්වා ඇත.

*කොටස් මිලදී ගැනීම සහ විකිනීම සජීවීව තමන්ටම සිදු කර ගත හැකි වීම
*කොටස් වෙළද පොල මිල උච්චාවචනය වන ආකාරය සජීවීව නිරික්ෂනය කල හැකි වීම
*ඇනවුම් පොත සජීවීව දැක බලා ගත හැකි වීම
*තමන්ගේ ගනු දෙනු බලා ගත හැකි වීම
* ගෙවීමට ගෙවීමට ඇති මුදල් වත්කම් සහ ලැබීමට ඇති මුදල් කොතෙක්ද ඒ කවර දිනකද යන්න දැන ගත හැකි වීම
*තමන්ගේ ආයොජනය විවිධාංගී කරනය වී ඇති ආකාරය දැක බලා ගත හැකි වීම
*මීළග ලිපියට..................


ගැටලුවක් වෙතොත් කමෙන්ට්ස් වල දමන්න.. දන්නා පරිදි පිලිතුරැ ලබා දෙන්න බලා පොරොත්තු වෙනවා.

ශ්‍රි ලංකාවේ බොර‍තෙල් නිධි තවමත් තිබේද?

Share

ශ්‍රි ලංකාව වටේට ඇති මුහුදේ පුත්තලම ආශ්‍රිත ප්‍රදේශයේද හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශවලද ස්ථිර වශයෙන්ම බොරතෙල් නිධි පවතින බව අද වන විට සොයාගෙන ඇත. වසර කිහිපයකට පෙර මෙම බොරතෙල් නිධි සොයා ගත් සමයේ ඒ පිළිබදව සෑම කෙනෙකෙකුගේම සතුතට සහ කතාබහට හේතු වූ නමුත් අද වන විට ඒ උනන්දුව අඩු වීගොස් ඇත.

මා දන්නා පරිදි අද වන විට මෙම බොරතෙල් තැටි කොටස් කිහිපයකට බෙදා රටවල් කිහිපයක සමාගම් වලට බදු දී ඇති නමුත් අද වන විටත් කිසිවකුත් තමන්ගේ ගවේෂන කටයුතු ආරම්බ කර නැත. ගිවිසුමට අනුව ඉහත කී සමාගමක් බොරතෙල් නිධියක් සොයාගත් විට එයින් ලැබෙන මුලු ආද‍යමෙන් 5%ක් පමනක් අප රටට හිමි වන අතර ඉතිරි සියල්ල අදාල සමාගමට හිමිවෙයි. ගිවිසුම් වල මෙසේ සටහන් වන්නේ බොරතල් නිධි ‍නිෂ්චිත වශයෙන් සොයා ගැනීමට එම සමාගම් ඩොලර් මිලියන ගනනක් මුදල් වැය කරන බැවිනි.

මම විස්වාස කරන පරිදි මෙම ගිවිසුම් සකස් කලේ අමාත්‍ය ප(f)වුසි මහාතා අමාත්‍යවරයා වී සිටි කාලයේ වන අතර ඔහු එම ගිවිසුම් නිවැරදි පරිදි සකස් කර ඇති බව මාගේ හැගීමයි. කිසියම් විදියකින් ඉදිරි වසර පහ දහය තුල මෙම ඛනිජ නිධි සොයා නොගතහොත් ඒවායේ නියම වටිනාකම අපේ රටට හිමි නොවනු ඇත. මන්ද යත් අද ලෝකය ගමන් කරන විකල්ප බලෂක්ති බාවිතා කිරීමේ ප්‍රවනතාවය නිසා ඉදිරි කාලයේ විකල්ප බලෂක්ති සොයා ගනු ලැබේ යයි විෂ්වාස කරන අතර ඛනිජ තෙල් වල තිබෙන වටිනාකම දෙවන තැනට පත් වන ඇත.

ජන්ද සටන් පිකටින් පෙලපාලි වැජබෙන සමයක දේශපාලකයන්ට ඔවුන්ගේ සමහර වගකීම් අතපසු වී ඇති බව එලි පිටම පෙනෙන්නට තිබේ. නමුත් බොරතෙල් සෙවීමේ ක්‍රියාදාමය නිසි ලෙස සිදුවන්නේ ද යන්න නිරතුරැව සොයාබැලිය යුතුය.